Print this Article


ධර්ම දානය පතා බුදුසරණ බෙදා දෙයි

ධර්ම දානය පතා බුදුසරණ බෙදා දෙයි

 

ධර්මදානය පතා බුදුසරණ පුවත්පතේ පිටපත් මිලදී ගෙන සතර පොහෝ දිනවල සිල් සමාදන් වන පින්වතුන් වෙත නොමිලයේ පරිත්‍යාග කිරීමට රට පුරා බොහෝ බෞද්ධ උපාසක උපාසිකාවෝ යොමු වී සිටිති. මේ අතර හෙයියන්තුඩුව පදිංචි ඩී.ඒ.හෙට්ටිආරච්චි උපාසිකා මාතාව ද පොහෝ දිනවල මෙසේ බුදුසරණ පුවත්පත සිල්වත් පිරිසට පරිත්‍යාග කිරීමට පෙළඹී සිටින අතර එක් අවස්ථාවක එම උපාසිකා මාතාව සියනෑ කෝරළයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ධීරානන්ද පිරිවෙන්පති හෙයියන්තුඩුව විහාරාධිපති ශාස්ත්‍රපති වැලමිටියාවේ සීලරතන නාහිමියන් වෙත පිළිගන්වා සෙසු පිරිසට බුදුසරණ පුවත්පත නොමිලයේ ප්‍රදානය කිරීමට සූදානම් වූ අවස්ථාවක් සේයාරුවෙන් දැක්වේ.