Print this Article


මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව සමඟ මෙවර ගිරිභණ්ඩ පූජාවක්

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව සමඟ මෙවර ගිරිභණ්ඩ පූජාවක්

මිහින්තලා ලේක්හවුස් මාසික කප්රුක් පූජාව සමඟ මෙවර ගිරිභණ්ඩ පූජාවක්, මිහින්තලා රජ මහා විහාරයේදී දුරුතු පෝදා පැවැත්වේ. මිහින්තලා රජ මහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම මාසිකව සිදු කෙරේ. මෙවර පින්කමේ ප්‍රධාන දායකත්වය ඉබ්බාගමුව නැලව පුරාණ පොත් ගුල් විහාරාධිපති හිරියාල හත්පත්තුවේ උප ප්‍රධාන සංඝනායක උඩකැන්දවල චන්දවිමල නාහිමියන් ප්‍රධාන දායක පිරිස මගිනි. පෝදා උදෑසන 6.45 ට ගිරිභණ්ඩ සෑ රදුන් අබියසදී සීල සමාදාන පින්කම ආරම්භ වේ.

පස්වරු 2.30 මිහින්තලා නගරයේ සිට කප්රුක් රැගත් පෙරහර ආරම්භ කෙරේ. එදින කප්රුක් තුනක් පූජා කෙරෙන අතර මහා සෑ රදුන් වෙත කප්රුක් පූජාව අනුරාධපුර පණ්ඩුකාභයපුර දායක පිරිස මගිනි.

සේල සෑ රදුන් වෙත කප්රුක් පූජාව සිදු කරනු ලබන්නේ ගලේවෙල පහළවැව ශ්‍රී ජයබෝධි විහාරස්ථ දායක පිරිස විසිනි. ගිරිභණ්ඩ සෑරදුන් වෙත කප්රුක් පූජාව පණ්ඩුකාභයපුර සුචරිත දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය විසිනි.