Print this Article


පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන්ගෙන් පාසල් ගොඩනැගිලි තුනක් සිසු අයිතියට

පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන්ගෙන් පාසල් ගොඩනැගිලි තුනක් සිසු අයිතියට

ඓතිහාසික අත්තනගල්ල ශ්‍රී අරහන්ත රාජමහා විහාරාධිපති ඇමරිකාවේ හියුස්ටන් බෞද්ධ විහාරයේ සහ තායිවානයේ ථෙරවාද බෞද්ධ විහාරයේ අධිපති මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාරපාර්ශ්වයේ සීනාදී සිව් කෝරළයේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන් විසින් ආරම්භ කරන ලද පාසල් ගොඩනැගිලි ව්‍යාපෘතියේ 19, 20 සහ 21 වන පාසල් ගොඩනැගිලි සිසු අයිතියට පත් කිරීමට කටයුතු යොදා ඇත.

මෙම මස 24 වන දා පෙරවරුවේ තිහාරිය මයුරපාද මහාවිද්‍යාලයේ දෙමහල් පාසල් ගොඩනැගිල්ලත් 25 වන දා රදාවඩුන්න සිරි මිහිඳු මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ලත්, 26 වන දා වේයන්ගොඩ ජනාධිපති මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ලත් සිසු අයිතියට පිරිනමනු ලැබේ. මෙම මස 26 වන දාට උන්වහන්සේගේ ජන්ම දිනය යෙදී ඇත.