Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් දා ( 29) පොළොන්නරුව ඓතිහාසික සෝමවති පුදබිම වන්දනා කිරීමට සහභාගි වූ අතර එහිදී පැවැති ආගමික වතාවත්වලට ද සහභාගි වූහ. එහිදී සෝමවති රජමහා විහාරාධිපති මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය හා වැඩබලන ලේඛකාධිකාරි පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්හ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුර රුවන්වැලි මහා සෑය වන්දනා කිරීමට ඉකුත් දා ( 29) පැමිණි අතර එහිදී ආශිර්වාද පූජාවක් ද පැවැත්විණි. රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි පල්ලේගම හේමරතන නාහිමියන් විසින් අග්‍රාමාත්‍යතුමා වෙත සෙත් පැතූ අවස්ථාව.