Print this Article


තෙල්ලඹුර දුරුතු මහා පෙරහර

තෙල්ලඹුර දුරුතු මහා පෙරහර

තෙල්ලඹුර ශ්‍රී ඛෙත්තාරාම පුරාණ විහාරාධිපති ලේල්වල ඉන්ද්‍රජෝති හිමියන්ගේ අනුශාසකත්වයෙන් 1969 ආරම්භ කරන ලද තෙල්ලඹුර දුරුතු මහා පෙරහර මෙවර ජනවාරි මස පොහෝදා වීදි සංචාරය කරනු ලබන්නේ 50 වන වරට ය.

බුදුන් වහන්සේගේ පළමු ලංකාගමන අනුස්මරණය කරමින් පවත්වනු ලබන තෙල්ලඹුර දුරුතු මහා පෙරහරට සමගාමීව ජනවාරි මස 16 වන දින සිට 20 වන දින දක්වා පින්කම් මාලාවක් පවත්වනු ලැබේ.සතර දේවාල පෙරහර වීථි සංචාරය කරනු ලබන අතර 20 වන දින මහා පෙරහර පස්වරුවේ වීථි සංචාරය කරනු ලැබේ.

මෙවර උඩරට, පහතරට, සබරගමු නර්තන කණ්ඩායම් සහිතව අලි ඇතුන් ද පෙරහරට එක් කරමින් අත්‍යලංකාර පෙරහරක් සිදුකිරීමට තෙල්ලඹුර දුරුතු පූජෝත්සව කමිටුව සංවිධානය කර ඇති බව පලල්ලේ සරණජෝති හිමියෝ පවසති.