Print this Article


කිරිවලගම ශ්‍රී ගංගාතිලක බෝධිරාජාරාමයේ කොත්වහන්සේ පැළඳවීම 17 වන දා

කිරිවලගම ශ්‍රී ගංගාතිලක බෝධිරාජාරාමයේ කොත්වහන්සේ පැළඳවීම 17 වන දා

මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය කොටපොල ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් දෙනියාය කිරිවලගම ශ්‍රී ගංගාතිලක බෝධිරාජාරාමයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ චෛත්‍යරාජයාණන් වහන්සේගේ ධාතු නිධානය සහ කොත් වහන්සේ පැළඳවීමේ පින්කම ජනවාරි 17 දින පෙරවරුවේ සිදු කෙරේ. විහාරාධිපති නැණපෙළ සමාජ පදනමේ සභාපති කොවුල්ආරේ ඤාණවංශ හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා කොළඹ දිස්ත්‍රික් සංවිධායක දුමින්ද රත්නායක මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන එම පින්කමේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතා සහභාගී වීමට නියමිත ය.

එම සද්කාර්යයේ සියලු ආධාර උපකාර විහාරස්ථ දායක සභාව, ව්‍යාපාරිකයන් හා දායක දායිකාවන් විසින් සපයා ඇති බව විහාරාධිපති හිමියෝ සිහිපත් කරති.