Print this Article


ත්‍රිපිටක අධ්‍යයන පාඨමාලාව සඳහා ශිෂ්‍ය භික්ෂූන් ලියාපදිංචි කිරීම

ත්‍රිපිටක අධ්‍යයන පාඨමාලාව සඳහා ශිෂ්‍ය භික්ෂූන් ලියාපදිංචි කිරීම

කොළඹ 05, නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ අංක 566 දරණ ස්ථානයේ පිහිටි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝ මූලස්ථානයේ පැවැත්වෙන ථෙරවාදී මහා විහාරීය ත්‍රිපිටක ධර්ම පීඨයේ සති අන්ත බාහිර අධ්‍යයන පාඨමාලාවේ දෙවන ශිෂ්‍ය කණ්ඩායම මෙම මස 25 වැනි දින සවස 2.00 ට ලියාපදිංචි කිරීමට නියමිත බව එම ආයතනාධිපති අත්තංගනේ රතනපාල හිමියෝ දන්වා සිටිති. ඒ සඳහා ඇතුළත් වීමට අපේක්ෂිත වයස 17 වැඩි භික්ෂූන් වහන්සේලාගෙන් අයදුම්පත් කැඳවා ඇති බව ද උන්වහන්සේ පවසති.

සම්පූර්ණ නම, ලිපිනය, උපන් දිනය, පැවිදි දිනය, උපසම්පදා දිනය, අධ්‍යාපන තත්ත්වය, ආචාර්යන් වහන්සේගේ නම, ලිපිනය සහිතව අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස ආයතනාධිපතීන් වහන්සේ දන්වා සිටිති.