Print this Article


අමුණුගොඩ කුඩුමිරිසේ සිරි පැරකුම්බා රජමහාවිහාරස්ථ 67 වෙනි වාර්ෂික පින්කම්

අමුණුගොඩ කුඩුමිරිසේ සිරි පැරකුම්බා රජමහාවිහාරස්ථ 67 වෙනි වාර්ෂික පින්කම්

අමුණුගොඩ කුඩුමිරිසේ සිරිපැරකුම්බා රජමහා විහාරස්ථානයේ වාර්ෂික මහා පින්කම 67 වෙනි වරටත් ජනවාරි 01 වන දා ආරම්භ වූ අතර එය මෙම මස 29 වන දා දක්වා පැවැත්වේ. විහාරාධිපති සියනෑකෝරළයේ අධිකරණ සංඝනායක අමුණුගොඩ සෝමානන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරී පරකන්දෙණියේ ධීරානන්ද හිමියන්ගේ සංවිධානයෙන් සිදුවන එම පින්කම්මාලාව ජනවාරි 01 සිට 08 වන දා දක්වා අසූමහා ශ්‍රාවක පූජා ද 08 වන දා සිට 24 වන දා දක්වා ධර්මදේශනා පින්කම් ද, 25 සිට 29 වන දා දක්වා තිස් පැය හතේ පිරිත් දේශනාව සහ ජනවාරි 28 වන දා දොරකඩ අස්න පැවැත්වීමට ද නියමිත ය.

ජනවාරි 10 වන දා නැදගමුවේ විජයමෛත්‍රී හිමි 11 වන දා දේවාලේගම මේධානන්ද හිමි, 12 වන දා කොස්වත්තේ අරියවිමල හිමි, 13 වන දා මල්වානේ චන්දරතන හිමි, 14 වන දා කොබ්බෑවල මේධංකර හිමි, 15 වන දා කොටුවිල විමලකිත්ති නාහිමි, 16 වන දා අලව්වේ අනෝමදස්සි හිමි, 17 වන දා ඉඳුරාගාරේ ධම්මරතන හිමි, 18 වන දා යටගම උදයධම්ම හිමි හිමි, 19 වන දා අක්මීමන ධම්මපාල හිමි, 20 වන දා නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි, 21 වන දා වෙන්නවත්තේ රතනජෝති හිමි, 22 වන දා අම්බලපිටියේ ධම්මික හිමි, 23 වන දා බෝගොඩ පියනන්ද හිමි, 24 වන දා හිනිදුම සීවලී හිමි එම දම් දෙසුම් පවත්වනු ලැබේ.