Print this Article


අසිරිමත් ජයසිරි මහ බෝ වන්දනාව සහ මහ බෝ පෙරහර 19 වනදා

අසිරිමත් ජයසිරි මහ බෝ වන්දනාව සහ මහ බෝ පෙරහර 19 වනදා

අසිරිමත් ජය සිරිමහ බෝ වන්දනාව සහ මහ බෝ පෙරහර මෙම 19 වෙනිදා සවස 4.30 ට අනුරාධපුර ජයසිරි මහ බෝධින් වහන්සේ අබියසදී පැවැත්වේ.

ජය ශ්‍රීමහ බෝ සමිඳු මෙරටට වැඩමවා වසර 2326 සපිරීමත්, ප්‍රථම රන්වැට ඉදිකොට වසර 49 ක් සපිරීමත්, රට වැසි සැමට සාමය, සමෘද්ධිය , සෞභාග්‍ය ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කර ගෙන සිරි සිදුහත් භික්ෂු පදනම සහ සිරිමහ බෝ පදනම මගින් වාර්ෂිකව පවත්වනු ලබන එම අසිරිමත් ජය සිරි මහ බෝ වන්දනාව සහ මහ බෝ පෙරහරට මධ්‍යම වයඹ, උතුරුමැද බස්නාහිර, සබරගමුව වැනි පළාත් නියෝජනය කරමින් මහා සංඝරත්නය පෙරටු කරගත් විශාල පිරිසක් සහභාගි වෙති. මහ බෝ පෙරහර මෙවර පවත්වනු ලබන්නේ දහහතර වෙනි වතාවට බව සිරි සිදුහත් භික්ෂු පදනම සහ සිරිමහ බෝ පදනමේ සංවිධායක මාතලේ විද්‍යානන්ද පරිවෙනාධිපති හපුගොඩ ශ්‍රී සුභද්‍රාරාම මහජන විහාරාධිපති ශාස්ත්‍රවේදි බටුගොඩ සංකිච්චායන නාහිමියෝ ප්‍රකාශ කළහ.