Print this Article


බොදු මහා සමුළුවේ 99 වන සංවත්සරය

බොදු මහා සමුළුවේ 99 වන සංවත්සරය

1919 වර්ෂයේ ශ්‍රීමත් ඩී.බී.ජයතිලක මැතිඳුන්ගේ සභාපතිත්වයෙන් ආරම්භ කරන ලද සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 99 වන සංවත්සරය කුරුණෑගල වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේ දී සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතාගේ ආරාධනයෙන් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 29 වන දින සාර්ථකව පැවැත් විය. එම අවස්ථාවට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා, හිටපු අමාත්‍ය අතාවුද සෙනවිරත්න මහතා, විශ්‍රාමික රියාද් අද්මිරාල් සරත් වීරසේකර මහතා, ආරාධිත ප්‍රභූවරුන් සම්මේලනයේ නිලධාරි මණ්ඩලය මෙන් ම සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.