Print this Article


විහාර මන්දිරය විවෘත කිරීම 6 වැනිදා

විහාර මන්දිරය විවෘත කිරීම 6 වැනිදා

දෙහිවල කළුබෝවිල හත්බෝධි විහාරස්ථානයේ 2009 දී විවෘත කරන්නට යෙදුන විහාර මන්දිරයේ දෙවන අදියරේ කටයුතු පසුගිය වසරේ ආරම්භකොට දැනට නිමකර ඇත. එහි විවෘත කිරීමේ උත්සවෙ ජනවාරි මස 6 වැනි ඉරිදා සවස 3.00 වාද්දුව බෝධිරාජ මහා විහාරාධිපති කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාම ගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් බෞද්ධ ආයතනයෙහි අධ්‍යක්ෂ මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වේ. විවෘත කිරීමෙන් අනතුරුව තුන් තිස් පැයේ පිරිත් දේශනයක් සහ සංඝගත දක්ෂිණාවක් පැවැත්වීමට විහාරස්ථ දායක දායිකාවන් සංවිධානය කර ඇත.