Print this Article


බෙන්තර ශ්‍රී සංඝරක්ඛිත රේවත නාහිමි ගුණසමරුවට පින්කම්

බෙන්තර ශ්‍රී සංඝරක්ඛිත රේවත නාහිමි ගුණසමරුවට පින්කම්

මහනුවර මල්වතු මහා විහාරයීය ගරුතර කාරක මහා සංඝ සභාවේ කාරක සංඝ සභික බෝතොට ඓතිහාසික පුරාණ රජමහ විහාරාධිපති බෙන්තර ශ්‍රී සංඝරක්ඛිත රේවත නාහිමියන් අපවත් වී සිව්වන වාර්ෂික ගුණ සමරු පින්කම දෙසැම්බර් 28, 29 දිනයන්හි බෝතොට පුරාණ රාජ මහා විහාරයේ දී විහාරාධිපති මල්වතු මහා විහාරාධිවාසී කර්මාචාර්ය හිනටියන්ගල මහින්ද හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. 28 වෙනිදා සවස ධර්ම දේශනාවක්, 29 වෙනිදා මහා සංඝරත්නය විසිපස්නමක් විෂයෙහි පිරිනමනු ලබන සපිරිකර සංඝගත දක්ෂිණාවකි.

බෝතොට පුරාණ රාජමහ විහාරයේ වත්මන් ආගමික ශාසනික කටයුතුවල දියුණුව සඳහා විශාල සේවාවක් ඉටුකළ බෙන්තර ශ්‍රී සංඝරක්ඛිත රේවත නාහිමියෝ මල්වතු මහා විහාරයේ ආගමික ශාසනික කටයුතුවලදී හා කාරක මහා සංඝ සභාවේ කාරක සභික නාහිමිනමක් වශයෙන් ද මූලිකව කටයුතු කළ ධර්මධර, විනයධර මහ තෙර නමකි.