Print this Article


බුදුසරණ ප්‍රහේලිකා අංක 4හි ජයග්‍රාහකයාට ධර්ම ග්‍රන්ථ කට්ටලයක්

බුදුසරණ ප්‍රහේලිකා අංක 4හි ජයග්‍රාහකයාට ධර්ම ග්‍රන්ථ කට්ටලයක්

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය අනුග්‍රහයෙන් පළ වූ බුදුසරණ ප්‍රහේලිකා අංක 4 හි ජයග්‍රාහකයා පන්නිපිටිය කලල්ගොඩ අංක 55/8 හි පදිංචි ඩබ්ලිව්. ආරියසේන මහතාට පසුගියදා ලේක්හවුස් ආයතනයේ දී ධර්ම ග්‍රන්ථ කට්ටලයක් පිරිනැමිණි.

පිරුවානා පොත් වහන්සේ, සප්ත බොජ්ඣංගය, මහාචාර්ය වල්පොළ රාහුල හිමියන් විසින් රචිත බුදුන් වදාළ ධර්මය ග්‍රන්ථය ද ඇතුළු වටිනා ධර්ම ග්‍රන්ථ රැසක් ඊට ඇතුළත් විය.

බුදුසරණ ප්‍රහේලිකාව ඉදිරිපත් කිරීම මහාචාර්ය කිවුලේගෙදර නාරද හිමියන්ගේ අනුශාසකත්වයෙන් කේ. එල්. ඒ. රණසිංහ මහතා විසිනි.

ලේක්හවුස් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මානව ප්‍රාග්ධන) ලාල් පෙරේරා මහතා අතින් ආරියසේන මහතා තමන්ට හිමි ධර්ම ග්‍රන්ථ කට්ටලය ලේක්හවුස් ආයතනයේ දී ලබාගත් අයුරු.