Print this Article


මේ මගේ පිං පොතයි ,මගේ පිං පොත ග්‍රන්ථ දෙක දොරට වඩී

මේ මගේ පිං පොතයි ,මගේ පිං පොත ග්‍රන්ථ දෙක දොරට වඩී

මේ මගේ පිං පොතයි (දරුවන් සඳහා විශේෂයි) ග්‍රන්ථය සහ සසර ගමන කෙටිකරන නිවනට මග ළංකරන මගේ පිං පොත (වැඩිහිටියන් සඳහා විශේෂය) යන ග්‍රන්ථ දෙක පසුගියදා රුවන්වැලි මහ සෑ මළුවේදී දොරට වැඩීම සිදු කෙරිණි.

එහිදී එම ග්‍රන්ථ දෙකෙහි සංස්කරණ ශාස්ත්‍රපති අග්‍රහැරේ කස්සප හිමියන් වෙත සිලෝන් බිස්කට් සමාගමේ සභාපති රම්‍ය වික්‍රමසිංහ මහතා විසින් පිළිගැන්වූ අවස්ථාව.

රුවන්වැලි චෛත්‍යරාමාධිකාරි පල්ලේගම හේමරතන නාහිමියෝ එහිදී අනුශාසනාවක් පැවැත්වූහ.

සිලෝන් බිස්කට් සමාගමේ 50 වන සංවත්සරය නිමිත්තෙන් එම ග්‍රන්ථ දෙක සම්පාදනය කර ඇත.