Print this Article


ශ්‍රීමත් සිරිල්ද සොයිසා ගුණ සමරුවට පින්කම්

ශ්‍රීමත් සිරිල්ද සොයිසා ගුණ සමරුවට පින්කම්

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ නිර්මාතෘ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාගේ 41 වෙනි ගුණ සමරු පින්කම නිමිත්තෙන් ජනවාරි මස 1 සහ 2 දිනවලදී පින්කම් මාලාවක් බෝධි පරිශ්‍රය තුළ දී පැවැත්වීමට කළුතර බෝධි භාරකාර මණ්ඩලය කටයුතු යොදා ඇත. 2019 ජනවාරි මස 1 වෙනි දින පෙරවරු 6.00 ට කිරිපිඬු පූජාව,(උඩමළුවේ බෝධිරාජයාණන් අබියස දී) ද ජනවාරි මස 1 වෙනි දින සර්වරාත්‍රික පිරිත් දේශනය ද, ජනවාරි මස 2 වෙනි දින හීල දානය ජනවාරි මස 2 වෙනි දින බෝධි පරිශ්‍රය තුළ පිහිටි ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාගේ පිළිරුව අබියස පුෂ්පෝපහාර දැක්වීම (පෙරවරු 9.00) ද සිදු කෙරේ. ඊට සමගාමීව බලපිටිය, නගර සභා පිටියේ ස්ථාපිත කොට ඇති ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වා පින් පැමිණවීම ද සිදු කෙරේ.