Print this Article


අලුත්ගම ධම්මානන්ද නා හිමි තෙමස් ගුණ සමරුවට පින්කම්

අලුත්ගම ධම්මානන්ද නා හිමි තෙමස් ගුණ සමරුවට පින්කම්

මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ කාරක මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහෝපාධ්‍ය අග්ගමහා පණ්ඩිත අපවත්වී වදාළ අලුත්ගම ධම්මානන්ද නාහිමි තෙමස් ගුණ සමරු පින්කම ජනවාරි 5 සහ 6 යන දිනයන්හි මල්වතු මහා විහාරයේ තුම්පනේ පන්සල ප්‍රධාන ශ්‍රී සංඝරාජ ගුණානුස්මරණ ශාලාවේ දී පැවැත්වේ. 6 දා දවල් මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි අතිපූජ්‍ය මහානා හිමිවරු, අනුනාහිමිවරු, ප්‍රධාන ශතාධික මහා සංඝරත්නය විෂයෙහි පිරිනමනු ලබන සපිරිකර සංඝගත දක්ෂිණාවකි.

මල්වතු මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ කාරක සභික මල්වතු මහා විහාරාධිවාසී කැටයාපනේ පියදස්සි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රී සංඝරාජ ගුණානුස්මරණ සමිතිය, ශ්‍රී සංඝරාජ කාන්තා සමිතිය, ශ්‍රී සංඝරාජ දහම් පාසල සහ මහනුවර, අම්පිටිය හිඳගල, කුළුගම්මන, උඩපේරාදෙණිය, තුම්පනේ, යටිගම්මන ආදී ප්‍රදේශවාසී බෞද්ධ පින්වතුන්ගේ දායකත්වයෙන් හා මහනුවර බෞද්ධ සමිති නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පින්කම සිදු කෙරේ.