Print this Article


පහන් සිතක කවි

නිවන් සුව

සසර සැඩ සර කියා දුන් තිලෝගුරු මුණි තිලෝනා
පින් දහම් කර දහම් මාවත පිය නගමු අපි සැම දෙනා
මෙවැනි පින්දම් මෙත් සිතින් අපි කරන හද බැති සතුටිනා
සසර කෙළවර කරන්නට අපි නිවන් මඟ යමු සැමදෙනා

****

උඳුවප් රැස්

සඟමිත් තෙරණිය අප හට කරුණාවෙන් පැමිණිලා
සසුනත් පිරිපුන් වී සිව්වණක් පිරිස ඇති වෙලා
කොතනත් දාගැබ් විහාර මහ පන්සල් ඉදිවෙලා
මුදුනත් බැඳ වඳිමි බැතින් උඳුවප් සඳ රැස් බලා

බුදුසිරිපා තැබූ සමනොළ උඳුවප් පුර පොහො දිනේ
වැඳූ මට යති උවසු උවැසියෝ හද පිරි බැති ගුණේ
උඳුවප් පෝ දින සිරිපා සමයයි මේ ඇර ඹුනේ
කඳු නගිමින් අපිත් කියමු තුන් සරණය මෙම දිනේ

****

යහතින්...

පින් පුරවා , පවු දුරලා
නිවන් මඟ ගොස්
අනවරාග්‍ර සංසාරය නිවනින්
අවසන් කරන්නට උත්සාහ කරමු
සැමටම අජර, අමර නිවන් සුව

****

උඳුවප් පෝ සඳ

බැල මෙහෙවරින් සිටි ම ුළුතැන්ගෙයට වැද
සැලකර ලැබී නිදහස් පින් කිරුළ විඳ
කුලකන බුද්ධ සාසනයේ පදවි ලද
මිල කළ නො හැකි වෙයි, උඳුවප් පෝය සඳ

කුල දුවකගෙන් ඉපදුන භාරත දේසේ
ල සේ සුවඳ විය භික්ෂුණි ඉතිහාසේ
හෙළ කුල කතුනි ලැබගෙන මේ ආභාසේ
පෙළ පෙළ නැඟෙනු පින්බර උඳුවප් මාසේ

****

භව ගිනි නිවූ මෙහෙණිවරු

එදත් අද මෙන් භික්ෂුණී කැළ දහම් ඇසුවා ගැසී පේළී
නහත් දවමින් කිවිසුමක් ගිය රහත් නමකට නඟා සෝලී
පහත් වදනෙහි විපා දී උපනුපන් වර බහු පුරිස් ලෝලී
රහත් වෙන භවයෙදිත් අභිසරු ලියක් වූවා අම්බ පාලී

සැමියා, දෙ දරු, දෙ ගුරුන් මළ සොවින් කඳුළු පෙරා
වත ද ගිලිහී උමතුවෙන් ගල් මුගුරු වැද ගම් දනව් පීරා
දෙව්රමට වන් සඳෙහි හිමි දෙසූ දහම් අසමින් කුසල් මෝරා
සසුන් වැද මහ තෙරණියක් වී නිවුණි නිවනින් පටා චාරා

****

පින්බර උඳුවප් සඳ

කළ ගුණ උතුම් දහමක් ලෙස පිළිගන් න
මහ බෝ සමිඳු අනුරාපුර වැඩ ඉන් න
රුක් වන්දනාවට නව පණ ගෙන දුන් න
සඟමිත් තෙරණි උඳුවප් නව සඳ වැන් න

අසදුස මිතුරු සමඟිය සාමය රැඳුන
සත්සර රාව නංවන බෝ තුරු සෙවණ
සංවර තිදොර දහමට අනුගත කෙරුණ
ජාතිය පොහොණි විය යහගුණ දම් හැඳින