Print this Article


සිංහගිරි විහාරයේ සෑ රදුන් වන්දනාව

සිංහගිරි විහාරයේ සෑ රදුන් වන්දනාව

හම්බන්තොට අඩි 100 පාර සිංහගිරි විහාරයේ අභිනව චෛත්‍යරාජයාණන් වහන්සේ විවෘත කිරීමේ හා නව බුදු මැදුරට මුල්ගල් තැබීමේ උළෙල මෙම 25 පෙරවරුවේ දී කඹුරුපිටිය, සපුගොඩ විද්‍යානිකේත විද්‍යායතන මහ පිරිවෙන්පති ශාස්ත්‍රපති ඕමාරේ කස්සප අනුනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ඒ නිමිත්තෙන් උඳුවප් පෝදා සවස 5.00 ට අටවිසි බුද්ධ පූජාව පිරිත් දේශනාව හා විශේෂ ධර්ම දේශනාව සිංහගිරි විහාරාධිපති, සූරියවැව ජාතික පාසලේ ආචාර්ය ශාස්ත්‍රපති විතාරන්දෙණියේ වජිර හිමි, 23 සවස 5.00 ට අටවිසි බුද්ධ පූජාව, පිරිත් දේශනාව සහ කාව්‍යමය ධර්ම දේශනාව සූරියවැව සෝභිත හිමි, 24 සවස 5.00 ට අධිෂ්ඨාන මහා පාරමිතා පූජාව මෙහෙයවීම, බුද්ධියාගම ධම්මසේන හිමියන් විසින් පවත්වනු ලැබේ.