Print this Article


උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ ජන්මදිනය සමරා පින්කම්

උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ ජන්මදිනය සමරා පින්කම්

පිළියන්දල මාකන්දන සංකල්ප විහාරාධිපති කැස්බෑව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ ජන්ම දිනය ජනවාරි 09 වන දිනට යෙදීම නිමිත්තෙන් සහ ජනවාරි 10 දිනට යෙදෙන සංකල්ප විහාරය ආරම්භක දිනය සහ උන්වහන්සේ පැවිදිවූ දිනය ජනවාරි 19 වන දිනට යෙදීම නිමිත්තෙන් පින්කම් මාලාවක් පැවැත්වේ.

ජනවාරි 09 මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් සඳහා ලේ දන්දීමේ පින්කම සහ එදින රාත්‍රී 7.00 ට කතළුවේ රතනසීහ අනුනාහිමියන් මෙහෙයවන ආශීර්වාද බෝධි පූජාවද, අනතුරුව බත් දන්සලක් පැවැත්වේ. ජනවාරි 10 මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය පිරිනැමීම ද මෙදින සවස 4.00 ට අපේක්ෂා රෝහල් භූමියේ බෝසමිඳුන් අභියස ආශීර්වාද පූජාව සහ සෙත් පිරිත් දේශනයද මෙදිනම රාත්‍රී 7.00 ට සංකල්ප විහාරයේ ආශිර්වාද බෝධි පූජාවද මෙයට සමගාමීව අනුරාධපුර රුවන්වැලි සෑරදුන් අභියස සහ ජයසිරිමහ බෝ සමිඳුන් අභියස විශේෂ ආශීර්වාද පින්කමක් ද සංවිධානය කර ඇත. ජනවාරි 19 රාත්‍රී 7.00 ට ආශීර්වාද බෝධි පූජාව, ජනවාරි 19 දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ විශේෂ දේව පූජාවක්ද පැවැත්වේ. ජනවාරි 20 දුරුතු පසළොස්වක පෝදා දවස පුරා විශේෂ සීල භාවනා වැඩසටහනක් සංවිධානය කර ඇත. පාමංකඩ ඉන්ද්‍රජෝති නාහිමි, දැල්තර ඤාණසිරි නාහිමි, මිරිස්වත්තේ ඉන්ද්‍රසිරි හිමි, කහපල නන්දරතන නාහිමි යන හිමිවරුන්ගේ සහ පිළියන්දල සංඛපාල මෙහෙණින් වහන්සේගේ ධර්ම දේශනා එම සිල් වැඩසටහනට ඇතුළත් වේ. රාත්‍රී 7.00 ට පැවැත්වෙන විශේෂ පහන් පූජාවක් ද වේ. සංකල්ප දායක සභාව, සංකල්ප දහම් පාසල, සංකල්ප කුලඟන සමිතිය, සංකල්ප යෞවන සමාජය එම පින්කම් මාලාව සංවිධානය කර ඇත.