Print this Article


ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහාවිහාරය

පෝදා පෙරවරු 6.00 – 6.30 සීල සමාදානය ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 6.30 – 7.00 උදෑසන බුද්ධ පූජාව, 08.00 – 9.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 9.00 – 10.00 පෙරවරු ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී අතුරුගිරියේ සුබෝධ හිමි, 10.00 – 11.00 ධම්මපදයෙන් බිඳක් කොලොන්නාව පුරාණ විහාරවාසී, ශාස්ත්‍රවේදී කැලණියේ ශාසනවංශ හිමි, 11.00 – 11.30 දිවා බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, විචිත්‍රභාණක ගොඩපොල නන්ද හිමි, පෙරවරු 12.15 – 2.00 සීල භාවනා සමිතිය, 2.00 – 3.00 විශේෂඥ වෛද්‍ය දේශනය, 3.00 – 4.00 පස්වරු ධර්ම දේශනාව රාජගිරිය සදහම් සෙවන අධිපති ශාස්ත්‍රපති අතුරලියේ රතන හිමි, 4.00 – 5.00 ධර්ම සාකච්ඡාව, 5.00 – 6.00 භාවනා ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6.00 – 7.00 ගිලන්පස බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 7.00 – 8.00 සන්ධ්‍යා ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී දළුගම සමිතඤාණ හිමි.

කොළඹ ශ්‍රී සම්බෝධි විහාරය

පෝදා පෙරවරු 5.30 – 6.00 කිරි ආහාර බුද්ධ පූජාව, සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ බොරලන්දේ වජිරඤාණ හිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව සියඹලාපිටියේ බුද්ධරක්ඛිත හිමි, 9.15 – 10.15 ධර්ම දේශනාව යට්ටෝගොඩ ධම්මාලෝක හිමි, 10.30 – 11.00 ව්‍යංජන 108 කින් යුත් දවල් ශ්‍රී සම්බුද්ධ පූජාව අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු 12.30 – 2.00 පොහෝ දින විශේෂ ධර්ම සාකච්ඡාව, උඩුදුම්බර සෝභිත හිමි, පුහුල්වැල්ලේ සාරද හිමි, මෙහෙයවීම, නීතීඥ ශෂික ජයතිලක මහතා, 2.00 – 3.00 ධර්ම දේශනාව කහගොල්ලේ සෝමවංශ නාහිමි, 3.30 – 4.30 ධර්ම දේශනාව දික්වැල්ලේ උපතිස්ස හිමි, 4.30 – 5.30 ධර්ම දේශනාව වෙහෙරකැලේ සද්ධාලංකාර හිමි, 5.30 – 6.00 මහා ඖෂධ පූජාව, සහ සිල් පවාරණය කුඹුක්කඩවල සුධීර හිමි.

තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර, සංඝමිත්තාරාමයේ දී උඳුවප් පොහෝ දින පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා සීල, භාවනා සහ ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8.00 – 9.00 දහම් දෙසුම ගැමුණුපුර සෝමවංශ හිමි, 9.00 – 10.00 දහම් දෙසුම ගංගොඩවිල පඤ්ඤෝධාරාමවාසී මඩිහේ සුගතසිරි හිමි, බුද්ධ පූජාවද අනතුරුව 12.00 – 12.30 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය ද පස්වරු 1.00 – 2.00 දහම් දෙසුම ඔක්කම්පිටියේ රාහුල හිමි, 2.15 – 3.00 ධම්ම පදය 3.00 – 5.00 තලවතුගොඩ ශ්‍රී ඥානාරාමවාසී ස්වාමීන් වහන්සේ නමක් විසින් මෙහෙයවනු ලබන භාවනා වැඩසටහනක් ද සවස 6.00 සිට මල්, පහන්, ගිලන්පස, අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පවත්වනු ලබයි. මෙම උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයෙහි දී ද සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකු මැණිකේ ඉඩම්පිටිය මහත්මියගේ දායකත්වයෙනි.

බත්තරමුල්ලේ සිරි සුදස්සනාරාමය

පෝදා පෙරවරු 6.00- 7.00 සීල සමාදානය සහ අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 7.00 – 7.30 තෙරුවන් ගුණ සජ්ඣායනාව, 8.15- 10.00 භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 10.00 – 11.00 ධර්ම දේශනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 11.00 – 11.30 තෙරුවන් වන්දනාව, පස්වරු 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනාව, 1.00 – 2.00 ධර්ම දේශනය කුරුණෑගල චරණධම්ම හිමි, 2.00 – 3.30 ධර්ම සාකච්ඡාව කන්දේගම දීපවංශාලංකාර හිමි, 4.00- 5.00 ධර්ම දේශනය අලුත්වෙල ධම්මසති හිමි, 5.00 – 6.00 ධර්ම දේශනය විතාරන්දෙණියේ මේධානන්ද හිමි, රාත්‍රී 7.00 අටවිසි බුද්ධ වන්දනාව.

ඓතිහාසික අනුරාධපුර මහා විහාරය

ඓතිහාසික අනුරාධපුර මහා විහාරයේ උඳුවප් පොහෝ දින දාන, සීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේ ගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි උඳුවප් පොහෝ දින පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා මහාවිහාරයේ සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. පුන් පොහෝ දින ආගමික වැඩසටහන බෝමළුව විහාරවාසී මොරගොල්ලේ සිරිරතන හිමියෝ සංවිධානය කරති. පෙරවරු 6.00 අටසිල් සමාදන්වීම, 6.30 බුද්ධ පූජාව, 8.00 ධර්ම දේශනාව ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු මහෝපාධ්‍යාය මහාචාර්ය තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමි, 09.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 09.15 ගිහි දේශනය ආචාර්ය සුමේධ වීරවර්ධන මහතා, 10.30 බුද්ධ පූජාව දවල් 12.00 ජාතක කතා දේශනාව රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි. පස්වරු 1.00 ධර්ම දේශනාව අනුරාධපුර මහා විහාර පරිවෙනාධිපති ශාස්ත්‍රපති වැල්ගිරියේ සීලසුමන හිමි, 2.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 2.45 දම්සභා මණ්ඩපය, ශාස්ත්‍රවේදී යක්කඩුවේ සුගුණසීල හිමි, ශාස්ත්‍රපති ඊ.එම්. ධර්මවර්ධන සහ ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහත්වරු, 4.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශාස්ත්‍රපති ඉපලව පේමානන්ද හිමි, 5.00 බෝධි පූජාව මෙහෙයවීම, ශාස්ත්‍රපති කෙහෙල්වල රේවත හිමි, 5.55 සිල් පවාරණය.

බම්බලපිටියේ සිරි වජිරාරාමය

පෝදා පෙරවරු 6.00 – 7.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහා නා හිමි, 8.00 – 9.00 ධර්මානුශාසනාව අධ්‍යාපනවේදී කැලණියේ ශාසනවංශ හිමි, 9.00 – 10.00 ධර්මානුශාසනාව කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, 10.00 -11.15 භාවනාව, අනුශාසනාව හා බුද්ධ පූජාව, සිරි වජිරාරාමවාසී බණ්ඩාරවෙල ඤාණරුචි හිමි, පස්වරු 12.15 – 01.15 සෙත් පිරිත් සිරි වජිරාරාමාධිකාරී, සිරි වජිරාරාම දහම් පාසලේ අධ්‍යක්ෂක කඹුරුගමුවේ මහානාග හිමි, 01.15 – 2.30 ධර්ම සාකච්ඡාව සිරි වජිරාරාම දහම් පාසල් ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමි, 3.00 – 4.00 භාවනාව සහ අනුශාසනාව සිරි වජිරාරාමවාසී පිටිපන සාසනරතන හිමි, 4.00 – 5.00 ධර්මානුශාසනාව රාජකීය පණ්ඩිත කටුවන්ගොඩ ධම්මසිද්ධි හිමි, 5.00 – 6.00 ධර්මානුශාසනාව මහාචාර්ය මඩිහේ සුගතසිරි හිමි, 6.00 – 6.30 අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම, සිරි වජිරාරාමවාසී ස්වාමීන්වහන්සේලා.

කුප්පියාවත්තේ ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත, ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේදී පොහෝදා, ශීල, භාවනා, ධර්ම දේශනා මාලාවක් තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් දවස පුරා පැවැත්වේ. එදින පෙරවරු 6.00 – 6.30 උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි., 8.00 – 9.00 භාවනාව ශාස්ත්‍රවේදී කන්තලේ සුමිත්ත හිමි, 9.15 – 10.15 ධර්ම දේශනය ශ්‍රී ජයශේඛරාරාමවාසී, කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ආචාර්ය ශාස්ත්‍රපති, බූලනවැවේ වජිරබුද්ධි හිමි, 10.30 – 11.00 දවල් සම්බුද්ධ පූජාව සිරිමහින්ද නාහිමි, පස්වරු 12.15 – 12.45 සෙත්පිරිත් දේශනය, ශ්‍රී ජයශේඛරාරාමවාසී, ස්වාමීන් වහන්සේලා 1.00 – 2.00 මාසික රැස්වීම තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් 2.15 – 3.15 ධර්මදේශනාව, ලුණුගම්වෙහෙරේ සුනීත හිමි, 3.30 – 4.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 4.30 – 5.30 ධර්ම දේශනාව 6.00 සිල් පවාරණය. තලල්ලේ සිරිමහින්ද නාහිමි, 6.45 – 7.45 ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව.

කැලණි තරුණ බෞද්ධ සමිතිය

කැලණි තරුණ බෞද්ධ සමිතියේ දී උඳුවප් පෝදා දවස පුරා පින්කම් පැවැත්වේ. එදින පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7.00 බුද්ධ පූජාව, 8.15 භාවනා වැඩසටහන, 9.15 ධර්ම දේශනය, 10.30 බුද්ධ පූජාව බොරලුකන්දේ ඤාණින්ද හිමි, පස්වරු 1.15 ධර්ම දේශනය, 2.15 ධර්ම දේශනය, 4.00 ධර්ම දේශනය, 5.00 බෝධි පූජාව බොරලුකන්දේ ඤාණින්ද හිමි, 6.00 සිල් පවාරණය.

කතරගම කිරිවෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී විහාරාධිපති මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි පෝදා පින්කම් සිදු කෙරේ. උදෑසන අටසිල් සමාදන් කරවීම, මල්, පහන්, ගිලන්පස, කිරි ආහාර පූජාවන් ද, ෂඩ්වර්ණ ශාඨකයක්, චෛත්‍යයේ පැළඳවීමද සිදු කෙරේ. උදෑසන ධර්මදේශනාව තණමල්විල ජාතික පාසලේ ආචාර්ය වත්තේහේනේ හිමරතන හිමියන් විසින් ධර්ම ශාලාවේ පැවැත්වෙන අතර භාවනා වැඩසටහන චෛත්‍ය මළුවේ දී ද, පෝදා බත් දන්සල කිරිවෙහෙර ප්‍රධාන වාසල් දොරටුව ඉදිරිපිට දානශාලාවේ ද පැවැත්වේ. සවස මහාසේන සිල් සමිතියේ මල් පෙරහර චෛත්‍යමලුවේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට පැමිණ බෝධීන් වහන්සේට මල් පහන්, ගිලන්පස හා අටපිරිකරද පූජාකර අනතුරුව බෝධි පූජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරාධිකාරී තලගල ඤාණින්ද හිමියන් විසින් සිදුකරනු ලැබේ. කිරිවෙහෙර තුන්වන මළුව සමීපයේ පහන් 5000 ක ආලෝක පූජාවක් ද පැවැත්වේ. කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක, ශ්‍රී ආනන්ද රේවත දහම් පාසල, මහාසේන සිල් සමිතිය හා විහාරස්ථ දායක සභාව එම පින්කම් සංවිධානය කර ඇත.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ

තරුණ සීල සමාදාන පින්කම

පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 -10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති දඹගොල්ලේ පදුමසිරි හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා, 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ ගලපිටමඩ දේවසිරි හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 වෙසෙසි දෙසුම ත්‍රිපිටකාචාර්ය ශාන්ත දිසානායක මහතා, 3.00 – 4.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත රණස්ගල්ලේ ඤාණවීර හිමි, 4.15 – 5.00 ධම්මපදය පණ්ඩිත උල්ලිඳුවාවේ විනයධම්ම හිමි, 5.00 – 6.00 ධර්මදේශනාව දියතලාවේ පියදස්සී හිමි, 6.00 – 6.30 බෝධි පූජාව මෙහෙයවීම මකුලේගොඩ සිරිනන්ද හිමි, ගංගොඩවිල සෝම හිමි අනුස්මරණ දෙසුම.

තෙලවල විජයරූපාරාම ධර්මායතනය

මොරටුව, කටුබැද්ද, තෙලවල, විජයරූපාරාම ධර්මායතනාධිපති, කොළඹ දිශාවේ ප්‍රධාන සංඝනායක ශාසන කීර්ති ශ්‍රී රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දහම්පහළ ඤාණරතන නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් පොහෝ දින වැඩසටහන පැවැත්වේ. පෙරවරු 6.30 – 7.30 උපෝසථ අෂ්ඨාංගසීලය සමාදන් කරවීම, දම්පහළ ඤාණරතන නා හිමි, 8.30 – 9.30 ධර්ම දේශනය දම්පහළ ඤාණසුධීර හිමි, 9.45 – 10.45 ජාතක කතා දේශනය හපුතලේ ඤාණවිසුද්ධි හිමි, 11.00 දවල් සම්බුද්ධ පූජාව පස්වරු 12.30 – 2.00 ගිහි දේශනය ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මහතා , 2.15 – 3.00 ධර්ම දේශනය වැලිමඩ ඤාණාරාම හිමි, 3.15 – 4.00 භාවනාව දම්පහළ ඤාණරතන නා හිමි, 4.00 - 5.00 පිරිත් සජ්ඣායනය, ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේලා, 5.00 සිල් පවාරණය සිදු කිරීම, මෙවර බුදුසරණ පුවත්පත ධර්ම දානය පිණිස බෙදාදීමේ දායකත්වය, මොරටුව තරුණ බෞද්ධ සමිතිය විසිනි.

තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය

පෝදා පෙරවරු 5.45 ක්ෂීරපායාස බුද්ධ පූජාව, 6.00 – 7.00 සීල සමාදානය හා අනුශාසනාව මිරහවත්තේ පඤ්ඤාසිරි නා හිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව නාමල්ගමුවේ විජයසීල හිමි, 9.00 – 9.30 භාවනාව, 9.30 – 10.30 ධර්ම දේශනාව තලල්ලේ චන්දකිත්ති හිමි, 10.30 – 11.00 දෙතිස් ව්‍යංජන සහිත සම්බුද්ධ පූජාව, පස්වරු 12.15 – 1.00 ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනාව පින් අනුමෝදනාව, 1.00 – 2.00 ධර්ම දේශනාව දියසෙන්පුර විමල හිමි, 2.00- 3.00 ධර්ම දේශනාව ගම්පහ මහානාම හිමි, 3.30 – 4.30 ධර්ම සාකච්ඡාව මහකෙළියේ ලොකු ස්වාමීන් වහන්සේ සමඟ මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ, 5.00 සිල් පවාරණය කරණීය මෙත්ත සූත්‍ර දේශනාව, 6.00 ඖෂධ 108 යුක්ත සම්බුද්ධ පූජාව.

කළුතර බෝධියේ පින්කම්

කළුතර බෝධි භාරකාර මණ්ඩලය විසින් බෝධි පරිශ්‍රයේ පවත්වනු ලබන ආගමික වැඩසටහන් මාලාව පෝදා දවස පුරා පැවැත්වේ. පෙරවරු 6.15-7.15 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම වැලිකල පඤ්ඤාසාර හිමි 7.30-9.45 ධර්මදේශනාව /භාවනාව මැල්සිරිපුර ධම්මකුසල හිමි, 10.00-11.15 ධර්ම දේශනාව හා දවල් බුද්ධ පූජාව ශාස්ත්‍රපති ,රාජකීය පණ්ඩිත පහළගම ධම්මික හිමි පස්වරු 01.00-02.45 ධර්ම දේශනාව රත්මල්කඩුවේ සංඝවංශ හිමි 03.00-4.15 ධර්ම දේශනාව මීගහකුඹුරේ ධම්මගවේසී නාහිමි, 40.30-06.00 ධර්ම දේශනාව ගම්පහ මහානාම හිමි 06.15-07.15 ධර්ම දේශනාව ශාස්ත්‍රපති කොස්ගම ධම්මදස්සන හිමි 07.30-08.45 පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ පැවැත්වූ බෝධි පූජාව (පටිගත කරන ලද) 08.45 නව අරහාදී පහන් පූජාව ධර්මාචාර්ය කේ.පරණවිතාන මහතා මෙහෙයවති

අනුරාධපුර සදහම් සෙවණ

අනුරාධපුර සදහම් සෙවණ උඳුවප් පුන් පොහොය වැඩසටහන අනුරාධපුර උණගස්වැව, වේලුවනගම, අංක 38 හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසින් එය මෙහෙයවනු ලැබේ.

හුණුපිටිය විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි උඳුවප් පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත.

වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි දේවගොඩ පියරතන, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, ඇලපිටිවල නන්දවිමල , හුණුවල පියදස්සි, තිස්සම හාරාමයේ ධම්මසාර, වේවැල්දූවේ ධම්මකිත්ති, ලෝලුගස්වැව සුමනවංස යන හිමිවරුන්ද ගාල්ලේ සුධම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිත ය.

ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනය

පෝදා පෙරවරු 6.00 දසසිල් සහ අටසල් සමාදානය, 6.45 අටවිසි බුද්ධ පූජා වැඩසටහන, 8.00 විශේෂ ධර්ම දේශනාව ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි, 9.30 භාවනා වැඩසටහන පණ්ඩිත ඇඹිලිපිටියේ සුජාත හිමි, 10.30 දවල් බුද්ධ පූජාව පැවැත්වීම, ගුරුමඬ සිරිරතන හිමි, 11.00 භික්ෂූන් වහන්සේ පනස් නමකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන පිණ්ඩපාත චාරිකාව, පස්වරු 1.30 ධර්ම සාකච්ඡාව, මෙහෙයවීම පණ්ඩිත පොල්වත්තේ දේවමිත්ත හිමි සහ සිරිපාල නානායක්කාර මහතා, 3.00 ධර්ම දේශනාව දෙහිවල චන්දිම හිමි, 4.00 භාවනා වැඩසටහන ශාස්ත්‍රපති ඇඹිලිපිටියේ ඉන්දරතන හිමි, 5.30 සිල් පවාරණය සහ සිල් අලුත් කිරීම, 7.30 ගිලන්පස බුද්ධ පූජාව උඩවලවේ මෙත්තජි හිමි, 8.30 ධර්ම දේශනාව ශ්‍රී බෝධිරාජ පරිවේණාධිපති හත්පෝරුවේ ධම්මාධාර හිමි, 9.30 ජාතක දේශනා මයුරාගම විපස්සි හිමි, කාම්බෝජයේ වංගීස හිමි, ඇඹිලිපිටියේ පසන්න හිමි. මෙදින දවස පුරා තේ පැන් දන්සල පාඨශාලාචාර්ය හේමපාල මහතා විසිනි. අරන්තලා භික්ෂු ඝාතනය සිදු වූ ස්ථානයේ දී කිරි එළදෙනුන් 125 ක් ගම්වාසීන්ට පරිත්‍යාග කිරීමේ අභයදාන පින්කම මෙදින පස්වරු 3.30 ට සිදු කෙරේ.

දහම් දෙසුමක්

පැලව පහලගම දැහැමි වැඩිහිටි සමිතියේ සාමාජික සාමාජිකාවන්ගේ සහ අවට ගම්වාසීන්ගේ දායකත්වයෙන් උඳුවප්පුර පසළොස්වක පෝයදින සවස 2.00 ට මුරුතලාව ශ්‍රී පුෂ්පාරාමයේ දී සංඝමිත්තා දිනය සමරමින් ධර්ම දේශනාවක් දන්තුරේ නෙළුවපිටිය ආරාමවාසී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය කුණ්ඩසාලේ සුභාග්‍ය මෙහෙණින් වහන්සේ විසින් පවත්වනු ඇත. එදින ධර්මදානයක් වශයෙන් පැලව දැහැමි වැඩිහිටි සමිතියේ සභාපතිනි කමලා රන්දෙනිය මහත්මිය විසින් ‘බුදුසරණ’ පත්‍ර බෙදාදීමට කටයුතු යොදා ඇත.

පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාමය

තලාතුඔය පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාමාධිපති හඟුරන්කෙත සද්ධානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් උඳුවප් පුර පසළොස්වක පෝදා වැඩසටහන උදේ 06.30 ට උපාසක උපාසිකා පිරිස පෙහෙවස් සමාදන් කරවීමෙන් ආරම්භ කර දවස පුරා ආගමික වතාවත් සිදු කෙරේ. කේ.බණ්ඩාරනායක

කොබවක ශ්‍රී සුමනාරාමය

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි උඳුවප් පෝය දින චීවර පූජාවක් සහිත පින්කම් මාලාවක් කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරස්ථානයේ දී පැවැත්වේ.

කොත්මලේ කුමාරකස්සප හිමියන්ගේ දහම් දෙසුමක් පෝදා ලියන්වල දී

ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනාධිපති ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත කොත්මලේ කුමාර කස්සප ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක් උඳුවප් පුර පසළොස්වක පොහෝ දින (22) පස්වරු 2.00 ට පාදුක්ක ලියන්වල ශ්‍රී සුවිශුද්ධාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.