Print this Article


ගණේගම ශ්‍රී සරණංකර නා හිමි සමරුවට සත්වේලේ පිරිත් දේශනාවක්

ගණේගම ශ්‍රී සරණංකර නා හිමි සමරුවට සත්වේලේ පිරිත් දේශනාවක්

ඓතිහාසික හැඩිදෙමළකන්ද දුටුගැමුණු රාජමහා විහාරයේ විහාරාධිපතිව වැඩ විසූ ගාලු කෝරළයේ ප්‍රධාන සංඝ නායක, රාජකීය පණ්ඩිත ගණේගම ශ්‍රී සරණංකර නාහිමියන් අපවත් වී මෙම මස 29 දිනට වර්ෂ 29 ක් සම්පූර්ණ වේ. උන්වහන්සේ ජාතික, ආගමික, අධ්‍යාපනික හා සංස්කෘතික ප්‍රබෝධය සඳහා සුවිසල් මෙහෙවරක් ඉටුකළ සංඝ පීතෘවරයෙකි. ඓතිහාසික වටිනාකමින් යුත් හැඩිදෙමළ කන්ද දුටුගැමුණු රාජමහා විහාරය හා ගා / ශ්‍රී රතනසාර විද්‍යායතන පිරිවෙණ ආදී ආයතන රැසක නිර්මාතෘවරයන් වහන්සේද වේ.

පැවිදි හා ගිහි සැමගේ ගුණ සැමරීම පිණිසත්, රටවාසීන්ට සෙත් පැතීමත් එම පින්කමේ අරමුණු අතර වේ.

මෙම 26 වනදා රාත්‍රී සත්වේලේ පිරිත් දේශනාවේ සමාරම්භයද, 27, 28, 29 දිවා රාත්‍රී නොකඩවා පරිත්‍රාණ දේශනාව ද, 29 දින පෙරවරු 9.00 විහාරස්ථ දේශනාව ද, පස්වරු 3.00 ට දේවදූත පෙරහර ද, රාත්‍රී 9.00 ට දොරකඩ අස්න සහ අනුශාසනා දේශන ද 30 වනදා දින උදෑසන 5.00 ට පිරිත් දේශනාවසානය පිරිත් පැන්, පිරිත් නූල් නව වසරට ආශිර්වාද කිරීම, සියක් නමක් විෂයෙහි මහා සාංඝික දානය පිරිනැමීම විහාරාධිපති වැලිවිටියේ සුමන නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.