Print this Article


තලම්මැහැර ශ්‍රී සුනන්දාරාමයේ සංඝමිත්තා පෙරහර 22 දා

තලම්මැහැර ශ්‍රී සුනන්දාරාමයේ සංඝමිත්තා පෙරහර 22 දා

පන්නල තලම්මැහැර ශ්‍රී සුනන්දාරාමයේ වාර්ෂික සංඝමිත්තා පෙරහර මෙම (22) දා පොහෝ දින සවස තලම්මැහැර ආටිගලවත්ත මංසන්ධියෙන් ආරම්භ කෙරේ. එතැන් සිට ගිරිඋල්ල පන්නල ප්‍රධාන මාර්ගයේ පෙරහර ගමන් ගන්නා අතර රාත්‍රී 8.00 පමණ විහාරස්ථානයට ගෙවැදීමට නියමිත ය. විහාරාධිපති ගොලහැන් වත්තේ ධම්මරතන, විහාරාධිකාරී පන්නල ජාතික පාසලේ ආචාර්ය ගල්නෑවේ ධම්මවංශ හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ දායක සභාව සහ ශ්‍රී සුනන්දාරාම දහම් පාසල එම පින්කම සංවිධානය කර ඇත.