UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

ලේඛන කුසලතාව වඩාත් වර්ධනය කර ගැනීම සඳහාත්, දහම් දැනුම වර්ධනය සඳහාත්, ගුණධර්ම වැඩිදියුණු කර ගැනීම සඳහාත් සදහම් අරණ ළමා නිර්මාණ පිටුව ඔබ වෙනුවෙන් වෙන්කර ඇත. ඔබගේ ගද්‍ය, පද්‍ය, සිතුවම්, අදහස් පුර අටවක අමාවක, පුර පසළොස්වක, අව අටවක. බුදුසරණ පුවත්පත්හි පළ කරන්නෙමු.


සදහම් අරණළමා සමාජයේ සාමාජිකයෝ

432. ඩී.එම්. හංසනී පූර්නිමා
ධර්මාචාර්ය
සිරි සුගතපාල දහම් පාසල, මැල්සිරිපුර

433. ඩබ්ලිව්.ඩබ්ලිව්. ජී. ආශිංශන අභිමන් බණ්ඩාර
04 ශ්‍රේණිය
කිරිදිවත්ත ප්‍රාථමික විදුහල, අනුරාධපුරය

434. අඹගල ජිනරතන හිමි
04 ශ්‍රේණිය
කෑ/ ව විද්‍යාප්‍රකාශ විද්‍යායතන පිරිවෙන

435. ජී. සුමිත්ත හිමි
මූලික ශ්‍රේණිය
ශ්‍රී සුමන සාමණේර ආයතනය, හඳපානගල

436. එම්.කේ.එච්. සඳුනි හංසිකා
02 ශ්‍රේණිය
කීර්ති සෝභිත දහම් පාසල, වටද්දර


අරලිය මල

ඉසුරු සුවක් ඇත සුවඳ නිමක් නැත ලෝවැසියා හද සැනසෙන්නේ
ගසේ පිරී ඇත කොළ සැඟවී ඇත මනහර කුසුමන් පිබිදෙන්නේ
නටුවෙ කටුත් නැත සුවඳ පිරී ඇත දැකුමෙන් සැම සිත් බැඳගන්නේ
නිමක් කොනක් නැත කවි පද නම් ඇත අරලිය මල ගැන පවසන්නේ

පොකුරු පොකුරු ඇත හද චංචල නැත අරලිය මල වෙත ඇදයන්නේ
අනන්තෙ වන තෙක් සුවඳ පිරී ඇත නිවහන සුවඳින් සපිරෙන්නේ
සැම නිවසෙම ඇත සිටුවන්නට හැක අරලිය මල සිත පුදමින්නේ
පුදබිම පිරි ඇත මුනිඳු පුදනු ඇත නිමල පැතුම් හද පතමින්නේ

කැකුළක් ලෙස සිට උදයට පිපුණම කුසුමන් ලෙස ලොව පවතින්නේ
හවසට පරවී පෙති හැලෙනව මිස කිසිදාවත් නැත වැජඹෙන්නේ
අනියත බව මිස වෙන කිසිවක් නැත අරලිය මල මේ පවසන්නේ
අරලිය මල මෙන් පිවිතුරු වේවා නිරතුරු මගෙ හද පතමින්නේ


පව් නොකරමු

කර්මය බුදුදහමේ මූලික ඉගැන්වීමකි. එම ඉගැන්වීමේ අරමුණ අපගේ ක්‍රියා පිළිබඳ අපට ඇති වගකීම පෙන්වා දීමකි. අපගේ ක්‍රියා අපටද, අප අවට සිටින අයට මෙන්ම මුළු ලෝකයට ද බලපාන බව පෙන්වාදීමයි. එසේ පෙන්වා දෙන අතර, කර්මය පිළිබඳ සමකාලීන මිත්‍යා මත බැහැර කෙරේ. බුදුදහමට අනුව චේතනාව මුල් වී තිදොරින් කර්ම රැස් කරනු ලැබේ. ඒවා කුසලාකුසල වශයෙන් වර්ග කෙරේ. කර්මය මැන බැලිය හැකි නිර්ණායක හෙවත් මිණුම්දඬු අතර චේතනාව හා විපාකය ප්‍රධාන ය. මහ රහතුන් වහන්සේලාට ද කුසලාකුසල කර්මවිපාක දුන් අවස්ථා ඇත. කර්මය හා විපාකය පිළිගැනීම බෞද්ධ ජීවිතයේ ලක්ෂණයයි. කුඩා කල සිට ම අපි ද පවින් සහ අකුසලයෙන් වැළකී කුසල් කරමින් ජීවිතය සාර්ථක කර ගැනීමට අධිෂ්ඨාන ඇති කර ගනිමු.


අසිරිමත් වස් කාලය

සැමදා අප සතුටින් පන්සල් යන්නේ
පන්සල් ගොසින් බෝ මළුවත් අමදින්නේ
සුවඳ දුම් මල් පහන් පූජා කරන්නේ
වස් තුන් මාසේ පින් රැස් කරන්නේ

වස් කාලයට බෝ මළුවට සෙනඟ පිරේ
අටවිසි බුදුන් වැඳ පූජාවන් පැතිරේ
දෙසවන් පිනන ඝණ්ඨානාදය පැතිරේ
වස් කාලය ඇවිත් දැන් නව එළිය වැටේ

පුර සඳ පායලා තිබුණා කලක සිට
බෝ මළු වෙහෙර දිලුණා දුර ඈත සිට
දහස් ගණන් වැඳ පිදුවා විහාරෙට
වස් කාලය ඇවිත් පින්කම් කරන්නට


ධර්මපාලතුමාගේ සේවාව

වාසනාවන්ත හා පී‍්‍රතිමත් ගෘහ ජීවිතය තමාට තිබූ සියලු ධනය, තත්ත්වය තම ආගමට සේවය කිරීමට ඇති ආශාව නිසා අනගාරික ධර්මපාලතුමා අත්හළේ ය. එතුමා තම මව්පියන්ගෙන් වෙන් ව ගියදා ඔවුනට කීවේ ද එයයි. එතුමා තම පියාගෙන් බලාපොරොත්තු වූ එක දෙය මසකට රුපියල් පහක මුදලකි. මිගෙට්ටුවත්තේ ගුණානන්ද නා හිමියන්ගෙන්, හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියන්ගෙන් කර්නල් ඕල්කට්තුමාගෙන් සහ බ්ලැවැට්ස්කි මැතිණියගෙන් ලද ආභාසය, පුහුණුව එතුමා ආගම් ප්‍රචාරකයෙකු බවට පත් කිරීමට යොමු විය. පරම විඥානාර්ථයකු ලෙස එතුමා, උනන්දුවක් දැක්වූයේ කිසියම් විශේෂ ආගමකට වඩා සාමාන්‍ය ආගමික ජීවිතයක් ගත කිරීම කෙරෙහි ය. එහෙත් එතුමාගේ ජීවිත කාලයේ ඉතා මුල් අවදියෙහි මුහුණ පෑ සිදුවීම් මාලාවක් හේතුකොට තම රටෙහි පැවති ප්‍රශ්න කෙරෙහි විවිධාකාරයෙන් බැලීම නිසා තම ක්‍රියාමාර්ග වෙනස් කොට බෞද්ධ පර්යේෂණ හා ධර්මදූත ප්‍රචාරයෙහි පටන් සමාජ සේවා දක්වා වූ ඉතා පුළුල් කටයුතු මාලාවක් ම ක්‍රියාත්මක කරන්නට විය.


මිනිසත් බව දුර්ලභයි

බුදුරජාණන් වහන්සේ නමක් ලෝක ධාතුවට පහළවීම දුර්ලභයි. එ වගේම මනුසත්භවය ලැබීමද දුර්ලභයි. මේ පරක් තෙරක් නැත්තා වූ සංසාර දුකින් අත මිදෙන්නට අපට තිබෙන එකම මාර්ගය බුදු මුවින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමයි. එ නිසා ධර්මය ශ්‍රවණය කිරීම ද ඉතා දුර්ලභය. එනිසා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ඒ දුර්ලභ කාරණා සියල්ලම අපට ලැබිලා තිබෙන නිසා අපි වාසනාවන්තයෝ වෙමු. පින්වන්තයෝ වෙමු. දුර්ලභව ලැබුණා වූ මනුස්ස ජීවිතයේ අපට හමු වූ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ ඉහළම ඵලය, ඉහළම ලාභය වන මේ සංසාර දුක් කෙළවර කොට ලැබිය හැකි පරම ගාම්භීර වූ නිවනය. එනිසා දාන, ශීල, භාවනා යන මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්හි නිරතව කටයුතු කරන්නට අදිටන් කර ගනිමු.


ආදරණීය අම්මා

කුස තුළ සිටියදී ඇති කළ හද ගැස්ම
මිය යන තුරා ඇත අම්මාගේ හුස්ම
ඒ හුස්මට මුසු වී ඇගේ ආදරය
සමනය කරයි වෙන හැම කරදරයක්ම

ළඟට ඇවිත් මගෙ කුස පුරවනු පිණිස
දෑතින් පිරි මැද අදරින් මගේ හිස
කිරිටික පොවයි කරුණාවෙන් නිතර
අම්මා නිදන්නෙත් උතුරන පෙම ඇතිව

දුක සැප දෙකේ දී මා ළඟ සිටි අම්මේ
නැළවිලි ගී කියා මා නැළැවූ අම්මේ
රෑ නිදි වරා මා නිදි කර වූ අම්මේ
මෙපිනෙන් නිවන් දකින් මගේ ආදර අම්මේ


ශ්‍රාවකයන්ට පිහිට වීම

සදීකා චිරන්තනි සෙනෙවිරත්න
04 ශ්‍රේණිය
ශ්‍රී ජිනරංජනාරාමය
ගෙලිඔය

මගේ පාසල

කේ. ඩබ්. වෙමායා සෙව්වන්දි
3 ශ්‍රේණිය
ෆර්ගසන් උසස් විදුහල,
රත්නපුරය

 

උඳුවප් පුර අටවක පෝය


උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් 15 වන දා සෙනසුරාදා පූර්ව භාග 4.17 ට ලබයි. 16 වන දා ඉරිදා පූර්ව භාග 06.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 15 වන දා සෙනසුරාදා.

 

මීළඟ පෝය දෙසැම්බර් 22 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 15

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 22

Second Quarterඅව අටවක

දෙසැම්බර් 29

Full Moonඅමාවක

ජනවාරි 05


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]