UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජාතික පනතින්... මානව හිතවාදී සමාජයකට

ජාතික පනතින්... මානව හිතවාදී සමාජයකට

දම්පල් චින්තනයෙන් . . .

හික්මවිය යුතු තැන නො හික්මීමත්, නො හික්මිය යුතු තැන හික්මීමත් පිරිහීමේ ලකුණු බව සලකනු.

අයුතු වෙළෙඳාම් හා අධර්මයෙන් ධන සැපයීම ද අත් හරිනු.

අධර්මයෙන් ජීවත් වීමට වඩා ධර්මයෙන් මිය යෑම ආර්යයන් විසින් උසස් කොට තැකූ බව සිහි කරනු.

ඉස, රැවුල් කැපීමට ස්වදේශීය බාබර් සාප්පු පළාතක් පාසා පිහිටුවා ගැනීමට මේ කාලය බව සලකනු.

තමාගේ කටයුතු තමා කර ගැනීම, ආහාර පිළියෙළ කර ගැනීම නින්දාවක් සේ කිසි විටෙක නො සිතනු.

රට පුරා පැතිර පවතින හොර සම්මාදම් වලට හා කූට සමාගම්වලට හා කූට සමාගම් කාරයන්ට ද අසු නොවනු.

සහතික පත්‍ර (කැරැට්ටු) රාශියක් ඇති තැනැත්තා ද , ආත්ම වර්ණනාව කරන තැනැත්තා ද සැක කළ යුත්තන් බව සලකනු.

මංගල උත්සවවලදී ජාතික ගීය ගායනා කිරීමට පුරුදු වනු. වහල්කමට වඩා මරණය උතුම් කොට සලකනු.

ජාතික ගී හඬින් කුල්මත් නොවන සිංහලයන් තුළ සිංහල ෙ ල් නැති බව සලකනු.

නවීන නෘත්‍ය ශාලාවකින් නැඟෙන නාදයට වඩා ගම්බද පැල්පතකින් නික්මෙන කවියක් සිංහලයකුට මිහිරි විය යුතු බව සලකනු.

වයස් ගත වැඩිහිටියන් සමඟ නොයෙක් දේ සාකච්ඡා කිරීමට ප්‍රිය වෙනු.

‘සිංහලයෝ උපන් වහල්ලු ය’ යන වැරැදි හැඟීම අත්හැර දමනු.

කිසිවකුට හෝ කිසිවකට නිකරුණේ භය නො වෙනු.

ගෙයි මුලුවල ම තබා දරුවන් රැකීම අත් හරිනු. උසස් සමිති සමාගම්වල හා ජන සමාජවලත් යහපත් සිරිත් විරිත් ඔවුන්ට පුහුණු කරවනු.

වයස අවුුරුදු දහය දක්වා අවවාද කිරීමෙන් ළමයින් රකිනු. වයස එකොළහේ සිට දහසය දක්වා තරවටු කොට දඬුවම් කොට ඔවුන් හික්මවනු. දහසයේ සිට මිත්‍රයන් මෙන් ඔවුන් ආශ්‍රය කරනු.

 

උඳුවප් පුර අටවක පෝය


උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් 15 වන දා සෙනසුරාදා පූර්ව භාග 4.17 ට ලබයි. 16 වන දා ඉරිදා පූර්ව භාග 06.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 15 වන දා සෙනසුරාදා.

 

මීළඟ පෝය දෙසැම්බර් 22 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 15

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 22

Second Quarterඅව අටවක

දෙසැම්බර් 29

Full Moonඅමාවක

ජනවාරි 05


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]