UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වංගීස මහරහතන් වහන්සේ

වංගීස මහරහතන් වහන්සේ

මිල්ලෑවේ
උපසේන හිමි

වංගීස මහ රහතන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පෙර ලොව පහළ වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි එක් කුල ගෙයක උපන්නේ ය. ටිකින් ටික වැඩුණු මොහු තරුණ වයසට පැමිණ බුදුරජාණන් වහන්සේ බණ කියන තැනට ගොස් බණ ඇසී ය.

බණ අවසන් කළ බුදු හිමියෝ එක්තරා භික්ෂුවකට ස්ථානෝචිත වචන ඇති භික්ෂූන් අතර අග්‍රස්ථානයෙහි ලා පිහිටවනු ලැබී ය. මෙය බලා සිටි වංගීස මානවක ද එම බුදුරජාණන් වහන්සේ ඇතුඵ පිරිසට සතියක් පුරාවට සිව්පසයෙන් සංග්‍රහ කිරීමෙන් පසු මම ද ස්ථානෝචිත වචන ඇති භික්ෂුවක් වීමට කැමති බව ප්‍රකාශ කළහ.

ඒ අනුව මොහුගේ අනාගතය ගැන සොයා බැලූ බුදුරදුන් මෙතැන් සිට කල්ප ලක්ෂයක් ගියතැන මේ ලෝකයෙහි පහළ වන ගෞතම නම් බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී ඔහුගේ පැතුම ඉටුවන බව කියා විවරණ දෙවා වදාළ සේක.

මෙතැන් පටන් මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක වශයෙන් සැරිසරා අවුත් කල්ප ලක්ෂයක් ගිය තැන අප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි සැවැත් නුවර එක් කුල ගෙයක ඉපිද වංගීස නමින් ප්‍රසිද්ධියට පත් විය. සියලු ශිල්ප ඉගෙන ගත් මොහු ජවසීස නම් මන්තරයක් ද ඉගෙන ගත්තේ ය.

මෙම මන්ත්‍රයේ බලයෙන් මිය ගිය අයගේ හිස් කබල ගෙන එයට ඇඟිල්ලෙන් තට්ටු කර ඒ තැනැත්තා කොහේ ඉපදී ඇත්දැයි සහ කවුරු වශයෙන් ඉපදී ඇත්දැයි යන සියලු විස්තර කියයි. මේ සිද්ධිය රට පුරා ම පැතිර යාමට වැඩි කලක් ගත නොවී ය.

මෙසේ තැනින් තැන ඇවිද ගොස් බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ජේතවනාරාමයට බණ ඇසීම සඳහා ගොඩවිය. බුදුහිමියෝ ඔහු පැමිණ සිටින බව දැක මළගිය ඇත්තන්ගේ හිස් කබල් පහක් ළඟට ගෙන එක එක ඉදිරිපත් කරමින් ඒ සම්බන්ධ විස්තර විමසී ය

ඉන් හතරක විස්තර නිවැරැදිව ඉදිරිපත් කළත්, එක් හිස් කබලකට කිසිවක් කියන්න බැරි බව ප්‍රකාශ කළහ. එවිට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ ඔබට බැරිවූව ද මට පුළුවන් බව ය.

එවිට වංගීස කියන්නේ “අනේ බුදුහාමුදුරුවනේ එම සූත්‍රය මටත් කියා දෙන්න” එසේ නම් මහණ විය යුතු බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළහ. එසේ මහණ වී වැඩි කලක් යන්නට ප්‍රථම බවුන් වඩා මහ රහත් බවට පත්විය. මේ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ මගේ ශ්‍රාවකයන් අතර තැනට සුදුසු වචන ඇති භික්ෂූන්ගෙන් මේ වංගීස තෙමේ අග්‍ර වන්නේ යැයි වදාරා අග තනතුර දී වදාළ සේක.

 

උඳුවප් පුර අටවක පෝය


උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් 15 වන දා සෙනසුරාදා පූර්ව භාග 4.17 ට ලබයි. 16 වන දා ඉරිදා පූර්ව භාග 06.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 15 වන දා සෙනසුරාදා.

 

මීළඟ පෝය දෙසැම්බර් 22 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 15

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 22

Second Quarterඅව අටවක

දෙසැම්බර් 29

Full Moonඅමාවක

ජනවාරි 05


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]