Print this Article


කටුගස්තොට සමූහ,

පදවි ලබති

ගලගෙදර වෑත්තෑව ශ්‍රී ශාස්ත්‍රාලෝක පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේනාධිපති, යටිවාවල රාජසිංහාරාම විහාරස්ථ සිරි සිදුහත් දහම් පාසලේ ප්‍රධානාචාර්ය වෙලපහළ ධම්මාලෝක හිමියෝ පසුගියදා මහනුවර අධිකරණයේ දී මුළු දිවයිනටම සාම විනිසුරුවරයෙකු ලෙස දිවුරුම් දුන්හ. අඹගස්පිටියේ ගෙදර බණ්ඩාර මැණිකේ මාතාව සහ එච්.එම්. රන්බණ්ඩාර නිළමේතුමා උන්වහන්සේගේ මව්පිය දෙපළ වේ. 1998 ජූලි 18 වන දින යටිවාවල රාජසිංහාරාම පුරාණ විහාරාධිපති පූලියද්දේ ඤාණාලෝක නා හිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි දිවියට ඇතුළත් වූ උන්වහන්සේ 2001 ජූලි 05 වන දින උපසම්පදා ශීලයෙහි පිහිටියහ. ධම්මාලෝක හිමියෝ හාරිස්පත්තු උතුර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී හිමි වශයෙන් ද කටයුතු කරති.