Print this Article


සෝමවතියේ දී අසූ මහා ශ්‍රාවක පූජාවක්

සෝමවතියේ දී අසූ මහා ශ්‍රාවක පූජාවක්

පොළොන්නරුව ඓතිහාසික සෝමවති රජමහා විහාරයේ දී මෙම මස 15 වන දා අසූ මහා ශ්‍රාවක පූජාවක් සහ කංචුක පූජාවක් පැවැත්වේ. එම පින්කම සෝමවතී රජමහා විහාරාධිපති විශ්‍රාමික කථිකාචාර්ය නියෝජ්‍ය හා වැඩබලන ලේඛකාධිකාරී පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ. කුරුණෑගල මාස්පොත නාථගල ආරණ්‍යවාසී හුලවගම අග්ගවංශ හිමියන් විසින් දහම් දෙසුම පවත්වනු ලැබේ. නිලාන්, ජගත් මහත්වරු ඇතුළු දෙහිවල මිත්‍ර සංසදය සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංවිධානයේ චානක ප්‍රදීප්කුමාර මහතා එම පින්කම සංවිධානය කර ඇත.