Print this Article


මාදම්පේ ගල්මුරුව කුඩීරිප්පුව ශ්‍රී සුරම්මාරාම විහාරස්ථ සුරම්මාරාම දහම් පාසල

මාදම්පේ ගල්මුරුව කුඩීරිප්පුව ශ්‍රී සුරම්මාරාම විහාරස්ථ සුරම්මාරාම දහම් පාසල


ප්‍රධානාචාර්ය හිමියන් ඇතුළු ආචාර්ය මණ්ඩලය

පුත්තලම දිස්ත්‍රික්කයේ මාදම්පේ ගල්මුරුව කුඩීරිප්පුව ශ්‍රී සුරම්මාරාම විහාරස්ථ සුරම්මාරාම දහම් පාසල පුරා අඩ සියවසකට අධික කාලයක සිට ප්‍රදේශයේ බොදුණු දරු දැරියන් සුමගට යොමු කරවීමෙහිලා ප්‍රයත්න දරන දහම් නිකේතනයකි.

මෙම දහම් පාසල ආරම්භ කර ඇත්තේ 1966 මාර්තු 15 වෙනි දින දී ය. එවකට විහාරාධිපතිව වැඩ විසූ ගල්මුරුවේ රතනපාල හිමි. කුඩිරිප්පුවේ පඤ්ඤාසේකර හිමි. විහාරස්ථ දායක සභාව, මාදම්පේ බෞද්ධ බල මණ්ඩලය මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇත.

මෙරට ප්‍රචලිත කුඩිරිප්පුවේ කැඩුම් බිඳුම් වෙදකම ආරම්භ වී ඇත්තේ මේ විහාරස්ථානය මුල් කර ගෙන ය.

දහම් පාසලේ දරු දැරියන් දෙසීයක් පමණ දැනට අධ්‍යාපනය ලබති.

විහාරාධිපති බ්‍රාහ්මණයාගම ධම්මාවාස හිමිගේ ප්‍රධානාචාර්යත්වයෙන් විහාරාධිකාරී, මාදම්පේ සේනානායක ජාතික පාසලේ ආචාර්ය ශාස්ත්‍රපති පේරකොටුවේ සුගුණතිස්ස හිමියන් ප්‍රමුඛ ප්‍රදේශයේ දහසය දෙනෙකුගෙන් යුක්ත ආචාර්ය මණ්ඩලයක් නිශ්ශරණාධ්‍යාශයෙන් දරු දැරියන්ට දහම් දැනුම ලබාදීමට ඉදිරිපත්ව සිටිති.

ප්‍රාදේශීය , දිස්ත්‍රික්, පළාත් සහ සමස්ත ලංකා මට්ටමින් ලැබූ ජයග්‍රහණ බොහෝ ය.

දහම් පාසල ආරම්භ කිරීමෙහිලා මූලිකත්වය ගෙන කටයුතු කළ අපවත් වී වදාළ හිමිවරුන් ඇතුළු සියලු දෙනා කෘතවේදී ව සිහිපත් කරමු.


දහම් පාසල් දරු දැරියන්ගෙන් කොටසක්