Print this Article


ශ්‍රී රාජසිංහාරාම පුරාණ විහාරස්ථ යටිවාවල සිරි සිදුහත් දහම් පාසල

ශ්‍රී රාජසිංහාරාම පුරාණ විහාරස්ථ යටිවාවල සිරි සිදුහත් දහම් පාසල


අනුශාසක නා හිමියන් සහ ප්‍රධානාචාර්ය හිමියන් ඇතුළු ආචාර්ය මණ්ඩලය

සාරසිය පත්තුවේ යටිවාවල ශ්‍රී රාජසිංහාරාම පුරාණ විහාරස්ථ සිරි සිදුහත් දහම් පාසල ප්‍රදේශයේ දරුවන්ගේ දහම් දැනුම සහ සමාජීය සාරධර්ම පිළිබඳ දැනුම ලබා දෙන මහඟු තෝතැන්නකි. 1980 වර්ෂයේ පූලියද්දේ ධම්මාලෝක නා හිමියන්ගේ අනුශාසනා පරිදි ආරම්භ වූ මෙම දහම් පාසලෙන් දරු දැරියන් විශාල පිරිසක් දැනුම ලබා ඇති අතර මේ වන විට සිසු දරු දැරියන් 150 ක් පමණ අධ්‍යාපනය ලබති. මෙම දහම් පාසලේ ගුරු මඬුල්ල 18 දෙනෙකි. දහම් පාසලේ ඉගෙනුම ලබන දරුවන් නිරන්තරවම සීල භාවනා, වැඩසටහන් , මව්පිය වන්දනා වැඩසටහන් සහ අනෙකුත් බෞද්ධාගමික වැඩසටහන්වලට යොමු කිරීමට දැනට එහි ප්‍රධාන ආචාර්ය ධුරය දරන වෙලපහළ ධම්මාලෝක හිමියෝ කටයුතු කරති.

මෙම දහම් පාසලේ දරු දැරියන්ගේ නිර්මාණ හැකියාවන් ප්‍රවර්ධනය කරමින් වාර්ෂිකව උතුම් තෙමඟුල් උළෙල වෙනුවෙන් පැවැත්වෙන භක්ති ගීත වැඩසටහන සඳහා ගායන ශිල්පි ශිල්පිනියන් රැසක් සහභාගි වෙති. මෙම දහම් පාසලේ අනුශාසක ධුරය දරන්නේ ශ්‍රී රාජසිංහාරාම පුරාණ විහාරාධිපති පූලියද්දේ ඥානාලෝක නා හිමියන් විසිනි.


දහම් පාසල් දරු දැරියන්ගෙන් කොටසක්