| 
ධම්මානුපස්සනාව - ස්ඛන්ධ විදර්ශනාව: 
විසිරෙන සිතිවිලි හඳුනා ගන්න
			 
			 
 අම්බලන්ගොඩ, කහව ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රමයේ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ
 මහා ලේඛකාධිකාරී කම්මට්ඨානාචාර්ය
 ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
 කහගොල්ලේ සෝමවංශ හිමි
 
			 
			 
 සිතට යම් අරමුණු පැමිණ ඒ සිත විනාශයට පත් කළ හැකි යි. ඇතැම් විට තමා රහත් යැ’යි 
මාන්නයෙන් උඩඟු විය හැකි යි. තමාට ධ්‍යාන අභිඤ්ඤා තිබෙනවා යැ’යි ඇතැම් විට සිතීම 
සුදුසු නැහැ. 
			 
අද සඳහන් කරන්නේ විඤ්ඤාණ උපාදානස්ඛන්ධය යි. විඤ්ඤාණය යනු සිත යි. සිත එකක් වුණාට 
ප්‍රභේද කළ විට සියල්ල අසූ නවය යි. කාමාවචර සිත් පනස් හතර යි. රූපාවචර සිත් පහළොව 
යි. අරූපාවචර සිත් දොළහ යි. ලෝකෝත්තර සිත් අට යි. මේවා පිළිබඳ හොඳ දැනීමක් ඇති කළ 
යුතු යි. අකුසල් සිත් දොළහ යි. කුසල් සිත් විසි එක යි. මේ ගැන හොඳින් දැනුවත් 
වුණොත් බෙදා හදා ගන්නට පහසුවක් වෙයි. විඤ්ඤාණ උපාදානස්කන්ධය පිළිබඳ කරුණු සාකච්ඡා 
කිරීමේ දී සිතට දැඩිව අල්ලා ගැනීම විඤ්ඤාණ උපාදානස්ඛන්ධය නම් වෙයි. ලෝකෝත්තර සිත් 
අට යි. සෝවාන් මාර්ග සතර යි. ඵල හතර යි. එය ඉවත් කර ඉතිරි අසූ එක භාවනාවට ගත යුතු 
යි. පෙර සඳහන් කළා සේ ම එක සිතක් පාසා ම මෙනෙහි කරමින් ඒ සිත අනිත්‍ය යි, දුක්ඛ යි, 
අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළ යුතු යි.  
 ලෝභ සිතක් ගෙන බලමු. එය සෝමනස්ස සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත අසංකාරික පළමු ලෝභ සිත 
යි. ලෝභ සිතක් ඇති වුණාම ඒ සිත අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළ 
යුතු යි. තරහ සිතක් ආවොත් එය ද මෙනෙහි කරන්න. මෙසේ සෑම සිතක් පාසා ම මෙනෙහි කර යාම 
චිත්තානුපස්සනාවට වැටෙයි. මෙහි දී අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණත්‍රයට සිත යොමු කළ 
යුතු යි. මේ ගැන දැනීමකින් චිත්තානුපස්සනාවේ ක්‍රමයට ම සිත් අසූ එක ගෙන මෙනෙහි කළ 
යුතු යි. අකුසල විපාක සිත්, කුසල විපාක සිත් පිළිබඳ ඉගෙන ගෙන එකක් පාසා ම මෙනෙහි කර 
ඉදිරියට යන්න. එවිට ස්කන්ධ විදර්ශනාවේ විඤ්ඤාණ උපාදානස්ඛන්ධ විදර්ශනාව හොඳින් හඳුනා 
ගත හැකි යි. සිත මොහොතක් පාසා ම ඇති වෙනවා. නැති වෙනවා. එය වටහා ගැනීම ම අනිත්‍ය , 
දුක්ඛ, අනාත්ම වෙයි. හැම සිතක් ම අනිත්‍ය , දුක්ඛ , අනාත්ම ගණයට යටත් වුව ද 
ලෝකෝත්තර සිත් එසේ යටත් නො වන්නේ ස්ථීර නිස යි. 
ශරීරය පංචඋපාදානස්ඛන්ධය යනුවෙන් සඳහන් කරයි. පංච උපාදානස්ඛන්ධයට අපමණ ධර්ම 
කොට්ඨාශයක් ඇතුළත් කර තිබෙනවා. මේවා පිළිබඳ බුදුරජාණන් වහන්සේ නමක් ම අවබෝධ 
කරගන්නවා මිස වෙන කිසිවකුට අවබෝධ කරන්නට බැහැ. ඒ නිසා කවුරුත් ආගමට දහමට ලැදිව ශීල, 
සමාධි, ප්‍රඥා ගුණ වඩමින් ම මේ ගමන ඉදිරියට පිවිසෙන්න.  
සති සම්බොජ්ඣංගය, ධම්මවිඡය සම්බොජ්ඣංගය,විරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, 
පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය, උපේක්ඛා සම්බොජ්ඣංගය ආදිය නිවනට අවශ්‍ය 
කරන බෝධි කාරක ධර්ම ටිකත් හොඳට දියුණු කරගත යුතු යි. එවිට අඩුපාඩුවක් නැතිව සිත 
දියුණුවෙන් ඉදිරියට යන්න පුළුවන් වෙයි. කරදර කම්කටොළු හමුවේ ඉවසන්න පුළුවන්. ඒ නිසා 
දහම් දැනුම මෙන්ම භාවනා දැනුම ද වැඩිකර ඔබට කිසිම දෙයකින් අඩු පාඩුවක් නැතිව, නිවන් 
මඟට බැසගෙන ඉදිරියට යන්නට පුළුවන්.  
බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේ ඒ නිවන් මඟ ගමන් කර, භාවනා ක්‍රම හොඳට දැන කියාගෙන 
ඒවා මුදුන් පමුණුවාගෙන අපට දේශනා කළේ. ඒ නිසා කවුරුත් සිත එකක් බව වටහා ගෙන සිතත් 
අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරන්න පුළුවන්. එසේ ම සිත මම නො 
වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා මේ සිත අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම 
යි යනුවෙන් සිය දහස්වර මෙනෙහි කරන්න. එවිට කාමාවචර සිත් පනස් හතර, රූපාවචර, 
ලෝකෝත්තර සිත් අවබෝධ කරගන්න පුළුවන්. ලෝකෝත්තර සිත් අට හැර ඉතිරි සියල්ල එකක් පාසා 
ම මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා අනිත්‍ය යි, දුක්ඛ යි, 
අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරන්න පුළුවන්.  
සිත් කාණ්ඩ වශයෙන් සඳහන් කළොත්, අකුසල විපාක සිත් හත මම නො වෙයි, මගේ නො වෙයි, මගේ 
ආත්මය නො වෙයි, එමනිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. අහේතුක කුසල විපාක සිත් අට 
මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එම නිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම 
යි. අහේතුක ක්‍රියා සිත් තුන මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එම නිසා 
අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. මහා කුසල් සිත් අට මම නො වෙයි, මගේ නො වෙයි, මගේ 
ආත්මය නො වෙයි. එමනිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. මහා විපාක සිත් අට මම නො 
වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. 
මහා ක්‍රියා සිත් අට මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා අනිත්‍ය 
යි, දුක්ඛ යි, අනාත්ම යි. රූපාවචර කුසල් සිත් පහ මම නො වෙයි, මගේ නො වෙයි, මගේ 
ආත්මය නො වෙයි. එමනිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. රූපාවචර විපාක සිත් පහ මම 
නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. 
රූපාවචර ක්‍රියා සිත් පහ මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා 
අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. අරූපාවචර කුසල් සිත් හතර මම නො වෙයි. මගේ නො 
වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. අරූපාවචර විපාක 
සිත් සතර මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා අනිත්‍ය යි, දුක්ඛ 
යි, අනාත්ම යි. අරූපාවචර ක්‍රියා සිත් සතර මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො 
වෙයි. එමනිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. මේ ලෞකික සිත් අසූ එක මම නො වෙයි, 
මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. සිත 
අනිත්‍ය යි දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් සිය දහස්වර මෙනෙහි කරමින් එය තමන්ගේ 
පංචස්ඛන්ධ විදර්ශනා භාවනාව සර්ව සම්පූර්ණ කරගන්න පුළුවන්. බලන්න කෙතරම් දැනුමක් 
වැඩෙනවා ද? කොතරම් නුවණ දියුණු වෙනවාදැ’යි තමන් ම කල්පනා කර බලන්න.  
අභිධර්ම මාර්ගය, අභිධර්ම කරුණු, අභිධර්ම චන්ද්‍රිකා ආදිය සරල ග්‍රන්ථ මඟින් මේ ගැන 
ඉගෙන ගත යුතු යි. මේවා හොඳින් කියවා භාවනාව මෙනෙහි කළ යුතු යි. අපහසු බව නො සිතන්න. 
තමන්ට පුළුවන් වන්නේ සිත අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරන්න ද 
එය කරන්න. නුවණ ඇති අය ටිකෙන් ටික ගැඹුරට මෙනෙහි කරන්න. එවිට ධර්ම රසය දැනගත හැකි 
යි.  
මහා සාගරයේ වෙරළාසන්නයට වන්නට ගැඹුරු නැහැ. ඈතට යන්න ගැඹුර වැඩියි. එසේ ම ලොවුතුරා 
බුදු දහම මුල ගැඹුරු නැතත්, මැදට යන්න ගැඹුර වැඩි වෙනවා. ඒවා ක්‍රමානුකූලව යාමෙන් 
අවබෝධය ඇති කරගන්න පුළුවන්කම තිබෙනවා.  
එකවර භාවනාව කළ නො හැකි යි. දන්දීම පුරුදු පුහුණු කළ යුතු යි. පන්සිල්,අටසිල් රැකිය 
යුතු යි. ඉන්පසුවයි භාවනාවට යා යුත්තේ. එවිට ක්‍රමානුකූල බවක් ඇති වෙනවා. දාන මාන 
පින්කම් නොකර, සිල් ගුණ දියුණු නොකර භාවනා කරන්නත් බැහැ. එසේනම්, දන්දීම හැකිතාක් 
හුරු පුරුදු කර ගන්න. බුද්ධ පූජා, වන්දනා මාන වැඩි කර ගන්න. දිනපතා පන්සිල් සමාදන්ව 
රැක ගන්න, පෝයට අටසිල් ගන්න. බුදු ගුණ භාවනා,මෛත්‍රී භාවනා ආදී භාවනාවකින් ආරම්භ කර 
ආනාපාන සති භාවනා වැඩි දියුණු කරගෙන, සිත පිළිබඳ භාවනාවට බැසගත් විට විඤ්ඤාණ 
උපාදානස්ඛන්ධය යනු කුමක්දැ’ යි වටහා ගන්නට පුළුවන්. සිත ඇතිවීම, නැතිවීම බැලිය හැකි 
යි. සිතෙ හි උත්පාදනය, පැවතීම, නැතිවීම අවස්ථා තුන හොඳට මෙනෙහි කර තමන්ගේ භාවනා 
දැනුම දියුණු තියුණු කරගන්නට පුළුවන්කම තිබෙනවා. මේ ගැන කවුරුත් හසල දැනුමක් ඇති කර 
ගන්න.  
ඉහත සිත්වල කාණ්ඩ වශයෙන් සඳහන් කළා. එක සිතක් පාසා ම එලෙස මෙනෙහි කර, 
චිත්තානුපස්සනාව සම්පූර්ණ කරන්න, මාර්ග ඵල සිත් අට පමණක් මෙනෙහි නො කරන්න. ඒවා 
වෙනස් වන්නේ නැති නිසා, අනිත්‍ය, දුක්ඛ , අනාත්ම ලක්ෂණත්‍රය වැටහෙන්නේ නැහැ. මේ ගැන 
පින්වතුන් දැන කියාගෙන දහම් දැනුම තවත් වැඩිකරගන්න.  
සතිපට්ඨාන සූත්‍රයෙන් විශාල දැනුමක් ලබා ගන්න පුළුවන්කම ලැබුණා. ස්කන්ධ 
විදර්ශනාවෙහි ස්කන්ධ පහම සම්පූර්ණ කළා. අවසානයේ සිතන්න තිබෙන්නේ පංච උපාදානස්ඛන්ධය 
අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. පංච උපාදානස්ඛන්ධය හෙවත් මේ ශරීරය අනිත්‍යය යි, 
දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් සිය දහස් වර මෙනෙහි කරද්දී විදර්ශනා නුවණ හොඳින් 
දියුණු තියුණු වෙයි. මේ ක්‍රමයට ම සිත දියුණුකරගෙන තම ශක්තිය තවත් ඉදිරියට දියුණු 
තියුණු කර භාවනා දැනුම ශක්තිමත් කරගෙන ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ කරගෙන ඉදිරියට 
යන්න. තුනුරුවන් සරණින් ඔබ සැම දෙනාට පංච උපාදානස්ඛන්ධ භාවනාව වටහා ගන්නට වාසනාව 
ලැබේවා! 
- ජම්මික ප්‍රබෝධනී වැලිකල |