UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

ලේඛන කුසලතාව වඩාත් වර්ධනය කර ගැනීම සඳහාත්, දහම් දැනුම වර්ධනය සඳහාත්, ගුණධර්ම වැඩිදියුණු කර ගැනීම සඳහාත් සදහම් අරණ ළමා නිර්මාණ පිටුව ඔබ වෙනුවෙන් වෙන්කර ඇත. ඔබගේ ගද්‍ය, පද්‍ය, සිතුවම්, අදහස් පුර අටවක අමාවක, පුර පසළොස්වක, අව අටවක. බුදුසරණ පුවත්පත්හි පළ කරන්නෙමු.


සදහම් අරණළමා සමාජයේ සාමාජිකයෝ

422. එච්.ජී. නෙත්මි මිහිසරණි
9 ශ්‍රේණිය
ප්‍රජාපති ගෝතමී බාලිකා විදුහල, අම්බලන්ගොඩ

423. ඩී.එන්.ඒ.පී. පත්මිණි පි‍්‍රයදර්ශනී
9 ශ්‍රේණිය
ශ්‍රී සිදුහත් දහම් පාසල, මඩුදමන

424. නදීෂා මධුෂානී
12 ශ්‍රේණිය
සීවලී මධ්‍ය මහා විදුහල, රත්නපුර

425. බී.එච්. හංසිකා දේවින්දි
9 ශ්‍රේණිය
ශ්‍රී ප්‍රේමරතන දහම් පාසල, පැල්මඩුල්ල

426. කටුවන උපනන්ද හිමි
ප්‍රාචීන ප්‍රාරම්භය
ශ්‍රී ධර්මාලෝක පිරිවෙන, කුඹුරේගම


ගුරුතුමිය

මගේ ගුරුතුමී හරි හොඳයි.
අකුරු ඉලක්කම් කියාදෙයි.
ඉගෙනුම් වැඩ සොයා බලා,
දෙන ඔවදන් හරි අගෙයි.
මගෙ ගුරුතුමි හරි හැඩයි.
ඇය මල් ඔසරිය අඳියි.
ඉස්කෝලේ දී අම්ම වගේ
අපිට හරිම ආදරෙයි.


සහජීවනය

සහජීවනය යනුවෙන් අදහස් කරන්නේ සමගියෙන්, සහයෝගයෙන්, සාමයෙන් හා එකමුතුවෙන් ජීවත්වීමයි. බුදුරජාණන් වහන්සේ විසින් නොයෙක් විට අගයකොට තිබෙන්නේ කිරි සහ ජලය මෙන් පෑහී එකමුතුව එකිනෙකා දෙස පි‍්‍රය ඇසින් බැලීමයි. එවිට එකිනෙකා තුළ සහජීවන ගුණාංග වර්ධනය කර ගත හැකිවන බව උන්වහන්සේ වදාළ සේක.

එකිනෙකා තුළ සාමයක්, සමගියක් ඇතිවීමට නම් අපට හානිකර ආකල්පවලින් බැහැර විය යුතු අතර, යහපත් ආකල්ප වැඩිදියුණු කරගත යුතු ය. අප ජීවත් විය යුත්තේ සියලු ආගම්, ජාති නියෝජනය කරන මිනිසුන් සමග සමඟියෙනි. සහජීවනයෙනි. සිව්බඹ විහරණ උපයුක්ත කොටගෙන අපට සහජීවනය මුලින්ම තමා තුළ ගොඩනඟා ගත හැක. කවරකුට වුවත් ඔවුන්ට හොඳ හිතින් පරිත්‍යාග කිරීම, දන්දීම ආදී වූ යහපත් දේ අප කළ යුතු අතර, ඔවුන් මුළාකරන දේ කීම, රළුවදනින් වෙහෙසට පත් කිරීම ආදී වූ වැරැදි දේ නොකළ යුතු ය. අප අපේ අනන්‍යතාවය සුරැකීමට සහයෝගයෙන් ක්‍රියා කළ යුතු අතර, අපගේ ජාතිය, සිරිත්, විරිත්, පූජනීය ස්ථාන, සංස්කෘතිය ආදිය රැක ගැනීමට ද ක්‍රියා කළ යුතු ය.


පරපණ නැසීම පාපයකි

අප ජීවත්වන මේ විශ්වය, පුද්ගල සමූහයකින් සැදුම්ලත් ඒකකයකි. මේ සියලුම පුද්ගලයින්ට විවිධ වූ අවශ්‍යතා ඇත. එම අවශ්‍යතා ඉටු කර ගැනීමේ දී අන් අයට කිසිම අයුරකින් කරදරයක් නොවන ලෙස කටයුතු කළ යුතු යැයි අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. උන්වහන්සේ වදාළ අයුරින් අප කටයුතු කළ විට සමාජයේ යහපැවැත්ම ආරක්ෂා වේ. ඒ සඳහා සියලු දෙනා පිළිගත් ප්‍රතිපත්තියක් තිබිය යුතු ය. පංචශීලය ඒ සඳහා පිළිගත හැකි ලොව සියලු දෙනාටම පොදු ඉගැන්වීමකි. යහපත් සමාජයක් බිහිවීමට පංචශීලය හේතුවන ආකාරය අපි විමසා බලමු. ගිහියාගේ නිත්‍ය ශීලය පංචශීලයයි. පංච ශීලයේ පළමු ශික්ෂාපදය ආරක්ෂා කිරීමෙන් අන් අයගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂා කරයි. පරපණ නැසීමෙන් හා හිංසා කිරීමෙන් වැළකීමට පංචශීලය සමාදන්වන අප සියලු දෙනාම අධිෂ්ඨාන කර ගත යුතු ය. ලොව ජීවත් වන සියල්ලෝම හිංසා පීඩාවන්ගෙන් තොරව ජීවත් වීමට කැමති වෙති. ඒ සඳහා සියලුම සතුන්ට අයිතියක් ඇත. එබැවින් තමා උපමා කොට අන් අය නො මරන්න. නො මරවන්න.


යහපත් ළමයි වෙමු

උදයම නැගිටලා මුහුණට දිය දෙනවා
පාසල් නිල ඇඳුම ඉන් පසු දවටනවා
අම්මා අතින් බත් දෙකටක් අපි කනවා
මව්පිය දෙපා වැඳ නිවසින් පිට වෙනවා

තොටගමු ශ්‍රී රහල් හිමි මට සිහිවෙනවා
රටට සෙත කළ නිසා එම නම් බබළනවා
කළගුණ සැලකිය යුතු යැයි මට සිහිවෙනවා
අප සැම දෙනා හෙට හොඳ ළමයින් වෙනවා


අපේ දහම් පාසල

හිමිදිරි උදෑසන අවදිව අපි සැවොම
ළමා සාරි හැඳ මල් වට්ටිද රැගෙන
දෙගුරුන් නැමැද පාගමනින් සංවරව
පැමිණෙමු දහම් පාසල් දරු කැළ විලස

පොල්ගහවිල ගමේ බබළන මිණි පහනයි
දම් පාසලේ නම ධර්මා භිවර්ධනයි
දහම් දැනුම බෙදනා දම් ගඟුල එයයි
දිනයෙන් දිනය දියුණුව අපගේ පැතුමයි


පස්වග මහණුන්ට දම් දෙසුම



ධනුෂ්ක රංජිත්
සුවිශුද්ධාරාම දහම් පාසල, වැල්ලවත්ත


පන්සල් යනවා

යසිරු තිමිල ජයසිංහ
2 ශ්‍රේණිය
සුභාරතී මහාමාත්‍ය මහ විදුහල, ගොඩගම


පැන විසඳුම්

පහත සදහම් ප්‍රශ්නවලට ඔබගේ පිළිතුර පැහැදිලිව ලියා අප වෙත එවන්න. නිවැරැදි පිළිතුරට වටිනා තෑගි පිරිනමන්නෙමු.

1. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා යනු මොනවාද?.

2. ඒ එක් පුණ්‍ය ක්‍රියාවක් පිළිබඳව කෙටි සටහනක් ලියන්න

පසුගිය පැන විසඳුම් තරගයට නිවැරැදි පිළිතුරු බොහෝ ප්‍රමාණයක් එවා තිබු අතර, එයින් තෝරාගත් ජයග්‍රාහි දරුවන් දෙදෙනෙකුට දයාවංශ ජයකොඩි සහ සමාගමින් අගනා තෑගි පාර්සල් පිරි නැමේ.


 

ඉල් අව අටවක පෝය


ඉල් අව අටවක පෝය නොවැම්බර් 29 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 06.49 ට ලබයි. 30 වන දා සිකුරාදා අපර භාග 04.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 30 වන දා සිකුරාදා ය.

 

මීළඟ පෝය දෙසැම්බර් 06 වනදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 30

Full Moonඅමාවක

දෙසැම්බර් 06

First Quarterපුර අටවක

දෙසැම්බර් 15

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]