Print this Article


පොත් පත් විත්ති:

පොත් පත් විත්ති

“අට්ඨකතාවලින් නිරූපිත ලක්දිව භික්ෂු චර්යාව” සහ “අට්ඨකතාවෙන් භික්ෂු රස කථා” ග්‍රන්ථ ද්විත්වය

කර්තෘ – මුලනේ ගුණානන්ද හිමි
ප්‍රකාශකයෝ – සාහිත පොත් පියස

ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත මුලනේ ගුණානන්ද හිමියන් විසින් රචිත “අට්ඨකතාවලින් නිරූපිත ලක්දිව භික්ෂුචර්යාව” (අරහත් මග සලකුණු) සහ “අට්ඨකතාවෙන් භික්ෂු රස කථා” (අරහත් අසිරිය) ග්‍රන්ථ ද්විත්වය දොරට වැඩීම දෙසැම්බර් 02 ඉරිදා සවස 3.00 ට නැගෙනහිර හෝකන්දර, මාලසිංහගොඩ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.

කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පරිවේණාධිපති, දර්ශනපති බළන්ගොඩ සෝභිත නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උළෙලේ විශේෂ දෙසුම කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අලුබෝමුල්ලේ ධම්මාලංකාර හිමියෝ පවත්වති. මෙහි විශේෂ අනුශාසනාව ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක , ආචාර්ය මුරුංගාගස්යායේ ඤාණිස්සර නා හිමියෝ සිදුකරති.

“සාහිත පොත් පියස” හි නවතම ප්‍රකාශනයක් වන එම කෘති ද්විත්වයෙන් කාලයේ වැලිතලාවෙන් වැසී ගිය ලක්දිව අරහත් මං සලකුණු හා ඊට අදාළ කතා පුවත් සරලව සිතුවම් සහිතව ඉදිරිපත් කර ඇත.