Print this Article


මිහින්තලා ලේක්හවුස් මාසික කප්රුක් පූජා පින්කම දා...

මිහින්තලා ලේක්හවුස් මාසික කප්රුක් පූජා පින්කම දා...

මිහින්තලා ලේක්හවුස් මාසික කප්රුක් පූජා පින්කම ඉල් පොහොය දා (22) මිහින්තලා රජමහා විහාර පුද බිමේ දී සිදු කෙරිණි. මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි එම පුණ්‍ය කර්මය සිදු කළහ.

මෙවර එම පින්කමෙහි දායකත්වය දරනු ලැබූයේ පානදුර, කෙසෙල්වත්ත, යෝනක මාවතේ පදිංචි ජේ.ඒ.කේ. වික්‍රමරත්න, උදිත ඉරෝෂණ පෙරේරා, මිනෝලි කාවින්දි පෙරේරා, කවිත්‍යා මෙත්වින්දි පෙරේරා, මානෙල් වික්‍රමරත්න, අයෝනා කොතලාවල, ශෙහානි කොතලාවල, ඉනෝකා සංජීවනී යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රදේශවාසීන් විසිනි. වැල්ලවත්ත, ස්වර්ණ බෝධි විහාරයේ ගෝනාපීනුවල චන්දානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් සිදුකළ එම පින්කමෙහි ආගමික වතාවත් මිහින්තලේ රජමහා විහාරවාසී සුරුක්කුලමේ ඉන්ද්‍රරතන හිමියන් සිදු කළහ. ලේක්හවුස් ආයතනයේ සුබ සාධක කළමනාකරු සමින්ද විජේතුංග, ලේක්හවුස් බෞද්ධ සංගමයේ ලේකම් පි‍්‍රයන්ත කුමුදුසිරි මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.