Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

හොරණ රජමහා විහාරස්ථානයේ කඨින පින්කමට සමගාමීව හොරණ ගල්කඩුව සුහද සුබ සාධක සංගමය විසින් සිදුකළ මල් පූජාවේ දී සහසක් මලින් සරසන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේ.

කැලණියේ පෑලියගොඩ නිමල් එන්ටර්ප්‍රයිසස් අධිපතිව සිට නැසීගිය නිමල් නානායක්කාර මහතාට පින් පිණිස ඒ මහතාගේ පුත් රුවන් නානායක්කාර මහතා පුත්තලම වනාතවිල්ලුව මල්වල විහාරස්ථානයට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පසුගියදා පූජා කළේ ය. විහාරාධිපති කිරින්දව සාරානන්ද හිමියෝ එහිදී අනුශාසනාවක් සිදුකළහ. රුවන් නානායක්කාර මහතා දුෂ්කර ප්‍රදේශවල පිහිටි විහාරස්ථානවලට සෑම පෝදාකම බුද්ධ ප්‍රතිමාවහන්සේ නමක් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.