Print this Article


ඉල් පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණී රාජමහා විහාරය

ඉල්පෝදා පෙරවරු 6.00 – 6.30 කඨින පූජා පින්කම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. 6.30 – 7.00 සීල සමාදානය සහ උදෑසන බුද්ධපූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 8.00 – 9.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 9.00 – 10.00 පෙරවරු ධර්ම දේශනාව කන්දඋඩපංගුවේ සෝමරතන හිමි, 10.00 – 11.00 ධම්මපදයෙන් බිඳක් කොලොන්නාව පුරාණ විහාරවාසී, ශාස්ත්‍රවේදී කැලණියේ ශාසනවංශ හිමි, 11.00 – 11.30 දිවා බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, විචිත්‍රභාණක ගොඩපොල නන්ද හිමි, පස්වරු 12.15 – 2.00 සීල භාවනා සමිතිය, 2.00 – 3.00 වෛද්‍ය විද්‍යා දේශනය 3.00 – 4.00 පස්වරු ධර්ම දේශනාව උඩවෙල කෝලිත හිමි, 4.00 – 5.00 පරිත්‍රාණ ධර්ම දේශනාව 5.00 – 6.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති,කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6.00 – 7.00 ගිලන්පස බුද්ධපූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 7.00 – 8.00 සන්ධ්‍යා ධර්මදේශනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 8.00 – 9.00 කඨිනානිසංස දේශනාව.

****

සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදානය

පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 -10.00 ධර්ම දේශනාව දෙල්වල සරණසිරි හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා, 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ වීරපානේ අනුරාධ හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 වෙසෙසි දෙසුම ආචාර්ය ගාමිණි රත්නශ්‍රී මහතා 3.00 – 4.00 ධර්ම දේශනාව ගලිගමුවේ ඤාණදීප හිමි, 4.15 – 5.00 ධම්මපදය පණ්ඩිත උල්ලිඳුවාවේ විනයධම්ම හිමි, 5.00 – 6.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත වේරදූවේ මහින්ද හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත බංගලාදේශයේ ධම්මපාල හිමි.

****

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, වජිරාරාමවාසී රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති වේරදූවේ මහින්ද හිමි, 8.00 – 9.00 භාවනාව මැණික්බෝවේ දීපාලෝක හිමි, 9.00 – 10.00 සූත්‍ර දේශනාව අගලවත්ත කිතුල්ගොඩ ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය වැලිමඩ පසන්න මානස හිමි, 10.00 – 11.00 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි, 11.00 – 11.15 බුද්ධ පූජාව හලහගම බුද්ධසිරි හිමි, අතුරුගිරියේ සුධීර හිමි, පස්වරු 12.15 – 12.20 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.20 – 12.45 පිරිත් හා තෙරුවන් ගුණ ගලපිටමඩ පේමසිරි හිමි, දුනුවිල ඉන්දසාර හිමි, 12.45 – 01.45 ධර්ම සාකච්ඡාව පණ්ඩිත ගල්කිස්සේ සෝමානන්ද හිමි, 01.45 – 2.45 ධර්ම දේශනාව වජිරාරාමවාසී රාජකීය පණ්ඩිත කුරුණෑගල චරණධම්ම හිමි, 2.45- 3.45 ධර්ම දේශනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 4.00 – 5.00 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමි, 5.00 – 6.00 ධම්ම පදය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති බංගලිදේශයේ ධම්මපාල හිමි.

****

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෝදා පෙරවරු 6.00 – 7.00 සීල සමාදානය සහ අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 7.00 – 7.30 තෙරුවන් ගුණ සජඣායනාව, 8.15 – 10.00 භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 10.00 – 11.00 ධර්ම දේශනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 11.00 – 11.30 තෙරුවන් වන්දනාව, පස්වරු 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනාව 1.00 – 2.00 ධර්ම දේශනය වේරදුවේ මහින්ද හිමි, 2.00 – 3.30 ධර්ම සාකච්ඡාව පරපාමුල්ලේ සිරිවිමල හිමි, 4.00 – 5.00 ධර්ම දේශනය ශාස්ත්‍රපති පොත්තේවෙල විනීත නාහිමි, 5.00 – 6.00 ධර්ම දේශනය ශාස්ත්‍රපති අලුත්වෙල ධම්මසති හිමි, රාත්‍රී 7.00 අටවිසි බුද්ධ වන්දනාව.

****

ඓතිහාසික අනුරාධපුර මහා විහාරය

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ ඉල් පොහෝදින දාන, සීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසනා පරිදි පෝදා පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා මහා විහාරයේ සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. ඉල් පුන් පොහෝ දින ආගමික වැඩසටහන බෝමළුව විහාරවාසී කුඩාඇළගමුවේ ඥානසිරි හිමියෝ සංවිධානය කරති. පෙරවරු 6.00 අටසිල් සමාදන්වීම, 6.30 බුද්ධ පූජාව 8.00 ධර්ම දේශනාව ආචාර්ය විලේගොඩ සිරිවිමල හිමි, 9.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 9.15 ගිහි දේශනය ආචාර්ය විජිත කුමාර මහතා 10.30 බුද්ධ පූජාව 12.00 ජාතක කතා දේශනාව රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි. පස්වරු 1.00 ධර්ම දේශනාව බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය විල්ගමුවේ පියනන්ද හිමි, 02.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 2.45 දම්සභා මණ්ඩපය, සහභාගීත්වය ආචාර්ය විලේගොඩ සිරිනන්ද හිමි, ආචාර්ය විජිත කුමාර මහතා, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා 4.00 භාවනා වැඩසටහන, මෙහෙයවීම ශාස්ත්‍රපති ඉපලව පේමානන්ද හිමි, 5.00 බෝධි පූජාව මෙහෙයවීම ශාස්ත්‍රපති කෙහෙල්වල රේවත හිමි, 5.55 සිල් පවාරණය.

****

කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලය විසින් බෝධි පරිශ්‍රයේ දී ඉල් පෝදා පවත්වනු ලබන ආගමික වැඩසටහන් මාලාව මෙසේ ය. පෙරවරු 6.15 – 7.15 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම, පනාපිටියේ විජිතනන්ද හිමි, 7.30 – 9.45 ධර්ම දේශනාව භාවනාව, කම්මට්ඨානාචාර්ය, එල්ලාවල විජිතනන්ද හිමි, 10.00 – 11.00 ධර්මදේශනාව බටුවන්ගල රාහුල හිමි, පස්වරු 1.00 – 2.45 ගිහි දේශනාව ශාස්ත්‍රවේදී ශේන් බ්ලොක් මහතා 3.00 – 4.30 ධර්ම දේශනාව කළුතර වනරතන හිමි, 4.45 – 6.00 ධර්ම දේශනාව පරගස්තොට සුධම්ම හිමි, 6.15 – 7.00 පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ පැවැත් වූ බෝධි පූජා (පටිගත කරන ලද ) 7.10 – 8.30 ධර්මදේශනාව ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව.

****

තෙලවල විජයරූපාරාම ධර්මායතනය

මොරටුව, කටුබැද්ද, තෙලවල, විජයරූපාරාම ධර්මායතනාධිපති, කොළඹ දිශාවේ ප්‍රධාන සංඝ නායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පොහෝ දින වැඩසටහන පැවැත්වේ. පෙරවරු 6.30 – 7.30 උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් කරවීම, සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව, දම්පහළ ඤාණරතන නාහිමි, 8.30 – 9.30 ධර්ම දේශනය දම්පහළ ඤාණසුධීර හිමි, 10.00 – 10.45 ජාතක කතා දේශනය හපුතලේ ඤාණවිසුද්ධි හිමි, 11.00 දවල් සම්බුද්ධ පූජාව, පස්වරු 12.30 – 2.00 ගිහි දේශනය ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මහතා, 2.15 – 3.00 ධර්ම දේශනය වැලිමඩ ඤාණාරාම හිමි, 3.15 – 4.00 භාවනාව දම්පහළ ඤාණරතන නාහිමි, 4.00 – 5.00 මහා සමය සූත්‍ර දේශනාව සහිත පිරිත් සජ්ඣායනය, ධර්මායතනවාසී ස්වාමීන්වහන්සේලා, 5.00 සිල් පවාරණය සිදු කිරීම 6.30 – 7.30 සම්බුද්ධ අටවිසි ගිලන්පස බෝධි පූජාව සහ පුණ්‍යානුමෝදනාව, දම්පහළ ඤාණරතන නා හිමි, එදින බුදුසරණ පුවත්පත ධර්මදානය පිණිස බෙදා දීමේ දායකත්වය, මොරටුව තරුණ බෞද්ධ සමිතිය විසිනි.

****

කැලණි තරුණ බෞද්ධ සමිතිය

කැලණි තරුණ බෞද්ධ සමිතියේ දී ඉල් පෝදා දවස පුරා පින්කම් සිදු කෙරේ. පෝදා පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7.00 බුද්ධ පූජාව, 8.15 ධර්ම දේශනය, 9.15 ධර්ම දේශනය 10.30 බුද්ධ පූජාව බොරලුකන්දේ ඤාණින්ද හිමි, පස්වරු 1.15 ධර්ම දේශනය, 2.15 ධර්ම දේශනය 4.00 ධර්ම දේශනය, 5.00 බෝධි පූජාව බොරලුකන්දේ ඤාණින්ද හිමි.

****

කොබවක ශ්‍රී සුමනාරාමය

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති, දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි ඉල් පුර පෝය දින කඨිනානිසංස ධර්ම දේශනාවක් සමඟ පින්කම් මාලාවක් ශ්‍රී සුමනාරාම මහා විහාරස්ථානයේ දී පැවැත්වේ. ධර්මදේශනාව රැටියල උදිත හිමි, සවස 1.30 භාවනාව මෙහෙයවීම, වෑකඩ භද්‍රා මෙහෙණින් වහන්සේ, සවස 4.00 ට කඨිනානිසංස ධර්ම දේශනාව වීරියගම අනුරුද්ධ හිමියන් විසිනි.

****

කතරගම කිරිවෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ ඉල් පෝදා දවස පුරා රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝ නායක කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි පින්කම් සිදු කෙරේ.

පෝදා උදෑසන අටසිල් සමාදන් කරවීම මල්පහන් ගිලන්පස කිරි ආහාර පූජාවන් ද ෂඩ්වර්ණ සාඨකයක් ශබ්ද පූජා මධ්‍යයේ වැඩම කර කිරිවෙහෙර චෛත්‍යයේ පැළඳවීම ද සිදු කෙරේ. උදේ ධර්ම දේශනාව ධර්මශාලාවේ පැවැත්වෙන අතර භාවනා වැඩසටහන චෛත්‍යමළුවේ පැවැත්වේ. පෝදා බත් දන්සල කිරිවෙහෙර ප්‍රධාන වාසල් දොරටුව ඉදිරිපිට දාන ශාලාවේ පැවැත්වේ. සවස මහාසේන සිල්සමිතියේ මල් පෙරහර චෛත්‍ය මළුවේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙත බෝධි පූජා පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරාධිකාරී තලගල ඤාණින්ද හිමියන් විසින් සිදු කරනු ලැබේ. කිරිවෙහෙර තුන්වන මළුව සමීපයේ පහන් 5000 ක ආලෝක පූජාවක්ද රාත්‍රී කාලයේ පැවැත්වේ. කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක, මහාසේන සිල් සමිතිය, ශ්‍රී ආනන්ද රේවත දහම් පාසල හා විහාරස්ථ දායක සභාව එම පින්කම් සංවිධානය කර ඇත.

****

තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර, සංඝමිත්තාරාමයේ දී ඉල් පුන් පොහෝ දින අලුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පවත්වනු ලබන අතර පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා සීල, භාවනා සහ ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8.00 – 9.00 දහම් දෙසුම ගනේලන්ද රජමහ විහාරාධිකාරී ගැමුණුපුර සෝමවංශ හිමි 9.00 – 10.00 දහම් දෙසුම ගංගොඩවිල පඤ්ඤෝධාරාමවාසී මඩිහේ සුගතසිරි හිමි, 11.00 දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.00 – 12.30 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය 1.00 – 2.00 ධර්ම දේශනාව මහරගම ඉසිපතනාරාමවාසී ජිනරතන හිමි 2.15 – 3.00 ධම්මපදය 3.00 – 5.00 තලවතුගොඩ ශ්‍රී ඥානාරාමවාසී ස්වාමීන් වහන්සේ නමක් විසින් මෙහෙයවනු ලබන භාවනා වැඩසටහනකි. 6.00 මල්, පහන්, ගිලන්පස, අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පවත්වනු ලබයි. ඉල් පුර පසළොස්වක පොහොය දිනයෙහිදී ද සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකුමැණිකේ ඉඩම්පිටිය මහත්මියගේ අනුග්‍රහයෙනි.

****

කුප්පියාවත්තේ ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛාරාරාම මහා විහාරස්ථානයේ ඉල් පුර පසළොස්වක පොහෝදා, ශීල, භාවනා, ධර්ම දේශනා මාලාවක් ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදු කෙරේ. එදින පෙරවරු උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව විහාරාධිපති තලල්ලේ සිරිමහින්ද නාහිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 – 9.00 භාවනාව ජයශේඛරාරාමවාසි ශාස්ත්‍රවේදී කන්තලේ සුමිත්ත හිමි 9.15 – 10.15 ධර්ම දේශනාව, ජයශේඛරාරාමවාසී ගැට්ටුවානේ සුමේධ හිමි, 10.30 – 11.00 දවල් සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, පස්වරු 12.15 – 12.45 සෙත්පිරිත් දේශනය ශ්‍රී ජයශේඛරාරාම වාසී ස්වාමීන් වහන්සේලා 1.00 – 2.00 මාසික රැස්වීම තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන්, 2.15 – 3.15 ධර්ම දේශනාව 3.30 – 4.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 4.30 – 5.30 ධර්ම දේශනය, බොරැල්ලේ ශ්‍රී ලංකාරාම මහා විහාරවාසී, උණුවතුර බුබුලේ පියදස්සි හිමි, 6.00 සිල් පවාරණය, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 6.45 – 7.45 ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව.

****

හුණුපිටිය විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි ඉල් පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත. වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි දේවගොඩ පියරතන, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, ඇලපිටිවල නන්දවිමල , හුණුවල පියදස්සි, තිස්සමහාරාමයේ ධම්මසාර, ලෝලුගස්වැව සුමනවංස යන හිමිවරුන්ද ගාල්ලේ සුධම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිත ය.

****

ශ්‍රී සම්බෝධි විහාරයේ ඉල් පොහෝදා පින්කම්

කොළඹ 07 ,ආර්.ජී.සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරයේ ඉල් පොහෝ දින වැඩසටහන් මාලාව. පෙරවරු 5.30-6.00 කිරි ආහාර බුද්ධ පූජාව, සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව, ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ බොරලන්දේ වජිරඤාණ හිමි. 08.00-09.00 ධර්ම දේශනාව, කන්දෙකුඹුරේ රාධ හිමි, 09.15-10.15 ධර්ම දේශනාව, කැලණියේ අජිත හිමි, 10.30 – 11.00 ව්‍යංජන 108 කින් යුත් දවල් ශ්‍රී සම්බුද්ධ පූජාව මෙහෙයවීම අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු 12.30- 02.00 පොහෝ දින විශේෂ ධර්ම සාකච්ඡාව උඩුදුම්බර කාශ්‍යප හිමියන් සහ උඩුදුම්බර සෝභිත හිමි.

මෙහෙයවීම – නීතිඥ ශෂික ජයතිලක මහතා , 2.00- 3.00 ධර්ම දේශනාව , අම්බලන්ගොඩ ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රමවාසී ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේඛකාධිකාරි , ත්‍රිපිටක විශාරද කහගොල්ලේ සෝමවංශ නාහිමි. 3.30-4.30 ධර්මදේශනාව කුප්පියාවත්තේ බෝධානන්ද හිමි, 4.30 – 5.30 ධර්මදේශනාව මීගොඩ සුඛිත හිමි, 5.30-6.00 මහා ඖෂධ පූජාව, සහ සිල් පවාරණය මෙහෙයවීම තලාවේ සුමනරතන හිමි

****

අනුරාධපුර සදහම් සෙවණ

අනුරාධපුර සදහම් සෙවණ ඉල් පුන් පොහොය වැඩසටහන අනුරාධපුර උණගස්වැව, වේලුවනගම, අංක 38 හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. භාවනා වැඩසටහන් මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.

****

හෙල්ලෙනගල

ඓතිහාසික හෙල්ලෙනගල පූජා භූමියේ දී මෙම පොහොය දින ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අංකුර බෝධීන් වහන්සේ නමක් සහ දඹදිවෙන් වඩම්මන ලද ආනන්ද බෝධීන් වහන්සේගේ අංකුර බෝධීන් වහන්සේ නමක් රෝපණය කිරීම, හිටිපිළිම වහන්සේ නිරාවරණය කිරීම බෝධි පූජා, දන්සැල්, ධර්ම දේශනා ඇතුළු පින්කම් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.