Print this Article


බොල්ලතාව ශ්‍රී සුභද්‍රාරාමයේ සියවස් සමරුවට පින්කම් මාලාවක්

බොල්ලතාව ශ්‍රී සුභද්‍රාරාමයේ සියවස් සමරුවට පින්කම් මාලාවක්

බොල්ලතාව ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයට වසර සියයක් සපිරීම නිමිත්තෙන් වස් සාර මාසය තුළ විවිධ පින්කම් රාශියක් සිදු කෙරිණි. අපවත්වී වදාළ සියලු ස්වාමීන් වහන්සේලා මෙන්ම පරලොව සැපත් සියලු දායක කාරකාදී පින්වතුන් අනුස්මරණය කරමින්, බෝධිපූජා, අටවිසි බුද්ධ පූජා හා ධර්ම දේශනා මාලාවක්ද පැවැත්විණි. ඒ සමඟම දහම් පාසලේ දරුවන් විසින් ඉදිරිපත් කළ සියවස් සමරු ගී සරණියත්, සියවස් සමරු ග්‍රන්ථය දොරට වැඩීම, දහම් පාසලේ දරුවන්ට නිල ඇඳුම් බෙදාදීම සහිත සියවස් සමරු උත්සවයක් ද, කඨින මහා පෙරහර ද පවත්වා මෙම 21 වන දා මහා සංඝරත්නය සියක් නමක් විෂයයෙහි අෂ්ට පරිෂ්කාර සියයක් හා සෙසු පරිෂ්කාර සහිත සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමෙන් හා රාත්‍රී කඨිනානිසංස ධර්ම දේශනාවක් ද පැවැත්වීමෙන් පින්කම් මාලාව අවසන් කෙරිණි.