Print this Article


දහම් පාසල් 6 – 10 ශ්‍රේණි විභාගය 25 වන දා

දහම් පාසල් 6 – 10 ශ්‍රේණි විභාගය 25 වන දා

බුද්ධ ශාසන අමාත්‍යංශය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ උපදෙස් පරිදි 2018 සමස්ත ලංකා දහම් පාසල් 6 – 10 ශ්‍රේණි විභාගය මෙම මස 25 වෙනි ඉරුදින දිවයින පුරා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතාගේ මෙහෙයවීමෙන් දහම් පාසල් කොමසාරිස් එච්.එන්. කුමාරි මහත්මියගේ සංවිධානයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම දහම් පාසල් 06 – 10 ශ්‍රේණි විභාගය සඳහා කටාන, මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයට අයත් දහම් පාසල් 56 ක ශිෂ්‍ය ශිෂ්‍යාවන් 7080 ක් විභාග මධ්‍යස්ථාන 22 ක් තුළ දී ප්‍රධාන ලේඛකාධිකාරී පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී සීදුවේ සුමනවංස නාහිමියන්ගේ සංවිධානයෙන් පැවැත්වීමට සංවිධානය කර ඇත.