Print this Article


ජාතික පනතින්... : මානව හිතවාදී සමාජයකට දම්පල් චින්තනයෙන් . . .

ජාතික පනතින්...

මානව හිතවාදී සමාජයකට දම්පල් චින්තනයෙන් . . .

* පුළුවන්කම තිබිය දී තම දෙමව්පියන්ට නො සැලකීම වසල ගතියක් බව සිතනු

* ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට හැකි පමණින් දන් දෙනු. උපස්ථාන කරනු

* ප්‍රිය වචන, සත්‍ය භාෂණ, ශක්තිමත් ආයුධ සේ සිතනු

* අසල්වාසීන් ගේ විපත තමාගේ සැපත සේ කිසි විටෙකත් නො සිතනු

* ගව මස් කෑව වුන් පුරාණ ආර්යයන් විසින් රොඩී රැළට එක් කළ බව සිහි කරනු

* ගව සම්පත ජාතික දියුණුවේ මාර්ගයක් බව සලකනු

* හැකි තරම්, එළවළු, පලතුරු හා කිරි වර්ග වැළඳීමට පුරුදු වනු

* විහාරස්ථාන වලදී පොල් මල්, පුවක් මල් පූජා කිරීමේ සිරිත සම්පූර්ණයෙන් අත් හරිනු

* අසරණයන්ගේ ශතය සම්මාදම් කරන පින්කම් ආරම්භ නො කරනු

* ගිලනකුට, අසරණ අනාථයකුට පිහිට වීම උතුම් බුද්ධ පූජාවක් බව සිතනු

* ඉන්ට තැනක් නැතිව, කන්ට දෙයක් නැතිව, දැඩි දුක් විඳින සිය දහස් ගණන් අපේ සහෝදර සහෝදරියන්ට උපකාර නො වන ධනවතුන්ගෙන් රටට වන ශාපය සිහි කරනු

* “පිහිට ඉල්ලන්නාට පිහිට නො වීම මාගේ පරාක්‍රමයට නො සෑහේ” යන උදාන වාක්‍යය කී සිංහලයා ගැන සිහිකොට අන්‍යයන්ට පිහිටවීමට එඩිතර වෙනු

* පොලීසි ගානේ හා උසාවි ගානේ රස්තියාදු වීම තරම් නින්දාවක් නැති බව සලකනු

* කපටි නීතිඥයන්ගේ අතට අසු වී, විනාශ වී පසුතැවිලි නො වෙනු

* ඉඩ කඩම් වලට නඩු හබ කියාගෙන එක පවුලේ අය විනාශයට පැමිණීම නින්දාවක් සේ සලකනු

* වුවමනාවෙහි එඩිතර වෙනු. නො කටයුත්තෙහි මැළි වෙනු