Print this Article


අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය – 2018 : බුද්ධධර්මය - ආදර්ශ ප්‍රශ්නෝත්තර අංක 01

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය – 2018

බුද්ධධර්මය - ආදර්ශ ප්‍රශ්නෝත්තර අංක 01

ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න

1. බුද්ධ වන්දනාවේ දී සජ්ඣායනා කරන ඉතිපි සෝ භගවා ...යන බුදුගුණ පාඨයට අනුව බුදුගුණ රාශි ගණන

(1) 09 කි                                                                               (2) 06 කි

(3) 12 කි                                                                               (4) 24 කි

2. මහාකාශ්‍යප තෙරුන් වහන්සේ රෝගී වූ විට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ

(1) සතර සතිපට්ඨානය යි                                           (2) චතුරාර්ය සත්‍ය යි

(3) සත්තබොජ්ඣංගය යි                                          (4) රතන සූත්‍රය යි

3.මාගන්ධියා හා චිංචිමානවිකාවගේ ක්‍රියා කලාප හමුවේ බුදුරජාණන් වහන්සේ ක්‍රියාකළ ආකාරයෙන් ප්‍රකටවන ගුණය වන්නේ

(1) අසරණ සරණ ගුණය යි

(2) පුරිසදම්මසාරථි ගුණය යි

(3) තාදි ගුණය යි

(4) යථාවාදී තථාකාරි ගුණයයි

4.බුදුරජාණන් වහන්සේ දිනචරියාවේ මහාකරුණා සමාපත්ති සුවයෙන් වැඩසිටින්නේ

(1) පැසුළුයම්කිස ආරම්භයේ දී ය

(2) පෙරබත්කිස ආරම්භයේ දී ය

(3) මැදියම්කිස ආරම්භයේ දී ය

(4) පසුබත්කිස ආරම්භයේදී ය

5.භාරතීය සමාජය තුළ විසූ ආගමික නායකයන් අතර බුදුරජාණන් වහන්සේ ප්‍රශංසාවට ලක් කළ අයෙකි.

(1) උපක ආජිවකතුමා                                                 (2) සෝණදණ්ඩ බමුණා

(3) බරණැස් නුවර සිටුතුමා                                      (4) අක්කෝස පිරිවැජියා

6.ත්‍රි ශික්ෂාවේ ඇතුළත් ප්‍රඥා ශික්ෂාව ත්‍රි ශික්ෂාවේ අවසන් පියවරයි. ඒ අනුව ප්‍රඥාව දියුණු කරගන්නා ක්‍රම අතර සුතමය ප්‍රඥාව යනු

(1) ඇසීමෙන් ලබන අවබෝධය යි

(2) සිතීමෙන් ලබන අවබෝධය යි

(3) භාවනාවෙන් ලබන අවබෝධය යි

(4) කියවීමෙන් ලබන අවබෝධය යි

7.සාරාර්ථ සංග්‍රහය නම් වූ කෘතිය රචනා කරන ලද්දේ

(1) අනගාරික ධර්මපාලතුමන් විසිනි

(2) වැලිවිට සරණංකර හිමියන් විසිනි

(3) රේරුකානේ චන්දවිමල හිමියන් විසිනි

(4) එස්.මහින්ද හිමියන් විසිනි

8.තම අභිමතය පරිදි මාස 04 ක් භාවනා කළ ද ප්‍රතිඵල නො ලැබූ, බුදුරජාණන් වහන්සේ වෙත එළඹ කමටහන් ගෙන නො පමාව රහත් ඵලයට පත් වූයේ

(1) ස්වර්ණකාර හිමියන් ය

(2) චුල්ලපන්ථක හිමියන් ය

(3) මුගලන් හිමියන් ය

(4) සැරියුත් හිමියන් ය

(9) නෙක්ඛම්ම පාරමිතාව, ක්ෂාන්ති පාරමිතාව, අධිෂ්ඨාන පාරමිතාව යන පාරමිතා ප්‍රකටවන ජාතක කතා පිළිවෙළින් ඇති වරණය වන්නේ

(1) වෙස්සන්තර ජාතකය, සීලවිමංස ජාතකය, මඛාදේව ජාතකය

(2) මඛාදේව ජාතකය, ක්ෂාන්තිවාදි ජාතකය, තේමීය ජාතකය

(3) තේමිය ජාතකය, ක්ෂාන්තිවාදි ජාතකය, ලෝමහංස ජාතකය

(4) ලෝමහංස ජාතකය, ක්ෂාන්තිවාදී ජාතකය, මඛාදේව ජාතකය

10.සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා දෙනමට තනතුරු ප්‍රදානය කිරීමේ දී බුදුරජාණන් වහන්සේ සලකා බැලුවේ

(1) තනතුරු ලාභියාගේ ගෝත්‍රය හා කුලය යි

(2) තනතුරු ලාභියාගේ වයස හා උගත්කමයි

(3) තනතුරු ලාභියා සමඟ ඇති හිතවන්ත බවයි

(4) තනතුරු ලාභියා සතු කුසලතාවය යි

11.පසේ බුදුබව පතන බෝසත් උතුමන් බුද්ධකාරක ධර්ම හෙවත් පාරමිතා ධර්ම

(1) දහයක් සම්පූර්ණ කළ යුතු ය

(2) විස්සක් සම්පූර්ණ කළ යුතු ය

(3) තිහක් සම්පූර්ණ කළ යුතු ය

(4) විසිපහක් සම්පූර්ණ කළ යුතු ය

12.නූතන සමාජයේ බොහෝ පිරිස් විපරීත මනසින් යුක්තව මානසික අසහනයට පත්ව නොමඟට යන අයුරු බහුලව දැකිය හැකි ය. මේ තත්වයෙන් මිනිසා වළක්වා ගැනීමට නම්

(1) දන් දිය යුතු ය

(2) සිල් රැකිය යුතු ය

(3) විවේකීව කල් ගත කළ යුතු ය

(4) භාවනා කළ යුතු ය

13. ලෝ වැඩ සඟරාව නම් වූ උපදේශාත්මක කාව්‍ය රචනා කරන ලද්දේ

(1) තොටගමුවේ රාහුල හිමියන් විසිනි

(2) වෑත්තෑවේ හිමියන් විසිනි

(3) වීදාගම හිමියන් විසිනි

(4) අලගියවන්න මුඛවැටිතුමන් විසිනි

14.සිඟාලෝවාද සූත්‍රයේ දී ගුරු සිසු සබඳතාව දක්වා ඇත්තේ

(1) දකුණු දිසාවට ය

(2) යට දිසාවට ය

(3) උතුරු දිසාවට ය

(4) බටහිර දිසාවට ය

15. සියලු ප්‍රජාවන්ට සුදුසුවන හෙයින් බුදුරජාණන් වහන්සේ

(1) අරහං නම් වන සේක

(2) සම්මා සම්බුද්ධ නම් වන සේක

(3) විජ්ජාචරණ සම්පන්න නම් වන සේක

(4) සුගත නම් වන සේක

(16) තමා විසින් ම පිළිපැද, ඇස්පනා පිට මෙලොව දී ම ප්‍රතිඵල දැකගත හැකි වීම ධර්ම රත්නයේ

(1) සන්දිට්ඨික ගුණය වේ

(2) අකාලික ගුණය වේ

3) ඕපනයික ගුණය වේ

(4) ඒහිපස්සික ගුණයයි

(17)මිනිසුන් රාගයෙන් රාගයට, මෝහයෙන් මෝහයට, ද්වේෂයෙන් ද්වේෂයට ගමන් කිරීම හඳුන්වන්නේ

(1) පටිසෝතගාමී නමිනි

(2) අනුසෝතගාමී නමිනි

(3) අත්තූපනායික ධර්ම නමිනි

(4) නීවරණ නමිනි

18. පංච ස්කන්ධ ධර්ම අතර අරමුණු දැනගැනීම හෙවත් විජානනය කිරීම සිදුවන්නේ

(1) රූප ස්ඛන්ධයේ දී ය

(2) වේදනා ස්ඛන්ධයේ දී ය

(3) සඤ්ඤා ස්ඛන්ධයේ දී ය

(4) විඤ්ඤාණ ස්ඛන්ධයේ දී ය.

19. කැළඹුණු ජලයේ කිසිවක් නොපෙනේ. මෙසේ උපමා කොට ඇත්තේ නීවරණ ධර්මවල

(1) කාමච්ඡන්දයටයි

(2) ව්‍යාපාදයටයි

(3) උද්ධච්ච කුක්කුච්චයටයි

(4) විචිකිච්ඡාවටයි

20.බුදු සසුනේ ජීවමාන සාධකයක් වූ මහසඟරුවන මනා වූ පිළිවෙත් පුරන නිසා

(1) සුපටිපන්න නම් වන සේක

(2) උජුපටිපන්න නම් වන සේක

(3) ඤායපටිපන්න නම් වන සේක

(4) සාමීචිපටිපන්න නම් වන සේක

21.සසර අභියෝග ජයගනිමින් ලොව්තුරා බුද්ධත්වයට පත් වූ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම උදාන වාක්‍යය වූයේ

(1) චරථ භික්ඛවේ චාරිකං යන පාඨයයි

(2) හන්දදානි භික්ඛවේ ආමන්තයාමි වෝ යන පාඨයයි

(3) අනේක ජාති සංසාරං යන පාඨයයි

(4) ද්වේ මේ භික්ඛවේ අන්තා යන පාඨයයි

22.බහු ආගමික, බහු ජාතික, සමාජයක සහජීවනයෙන් කටයුතු කිරීමට වඩාත් සුදුසු ම පිළිවෙත වන්නේ

(1) සියලු ආගම් ඇදහීමයි

(2) තම ආගම අදහමින් අන් ආගම් විවේචනය කිරීමයි

(3) තම ආගම නිසිපරිදි අදහමින් අන් ආගම්වලට ගරු කිරීමයි

(4) සියලු ආගමික උත්සවවලට සහභාගිවීමයි.

(23) සසර දුකින් නිදහස් ව නිවන් දක්නා තෙක් කවර ආත්ම භාවයක දී හෝ විපාක දෙන කර්ම බුදු දහමේ දක්වා ඇත්තේ

(1) දිට්ඨධම්මවේදනීය කර්ම නමිනි

(2) උපපජ්ජවේදනීය කර්ම නමිනි

(3) අපරාපරියවේදනීය කර්ම නමිනි

(4) අහෝසි කර්ම නමිනි

24.යාදිසං වපතේ බීජං – තාදිසං හරතේ ඵලං යන්නෙහි අදහස් වන්නේ

(1) සියලු දෙනා බීජ වැපිරිය යුතු බව

(2) යම් කෙනෙක් වපුරන බීජයට අනුව ඵලය ලැබෙන බව

(3) වපුරන බීජය ඒ ලෙසින් ම ලැබෙන බව

(4) බීජයකින් තොරව ඵලයක් හට නොගන්නා බව

25.ස්ථානෝචිත ප්‍රඥාවෙන් හා උත්සාහයෙන් කටයුතු කළ කල්හි තමාට මුහුණදීමට සිදුවන අකුසල කර්ම විපාක ද මගහරවා ගත හැකි ය. ඒ බව බුදු දහමේ දක්වා ඇත්තේ

(1) උපධි සම්පත්ති නමිනි

(2) කාල සම්පත්ති නමිනි

(3) ප්‍රයෝග සම්පත්ති නමිනි

(4) ගති සම්පත්ති නමිනි

26. ඔබ වහන්සේ පැවිදි වූයේ කවරෙකු උදෙසා ද? ඔබ වහන්සේගේ ගුරුතුමා කවරෙක් ද? කාගේ දහමක්ද ඔබ වහන්සේ රුචි කරන්නේ මෙම ප්‍රකාශය

(1) උපතිස්ස පිරිවැජියා අස්සජි මහරහන් වහන්සේගෙන් විමසන ලද්දකි

(2) කෝලිත පිරිවැජියා අස්සජි මහරහතන් වහන්සේගෙන් විමසන ලද්දකි

(3) උපක ආජිවකයා බුදුරජාණන් වහන්සේගෙන් විමසන ලද්දකි.

(4) උරුවෙල් කාශ්‍යප සැරියුත් හිමියන්ගෙන් විමසන ලද්දකි

27.කලන්දක නිවාපය නම් ස්ථානය බුදුරජාණන් වහන්සේ

(1) ඇගයීමට ලක් කළ ස්ථානයකි

(2) විවේක ගත් ස්ථානයකි

(3) ස්වාභාවික පරිසරය දම් සභා මණ්ඩපයක් බවට පත්කරගත් ස්ථානයකි

(4) වස් විසූ ස්ථානයකි

28. “අක්කෝධෙන ජිනේ කෝධං” යනාදි ගාථාවෙන් පැහැදිලි කර ඇත්තේ

(1) ක්‍රෝධයෙන් ක්‍රෝධය දිනිය හැකි බව

(2) ප්‍රබලයාට දුබලයා පරාජය කළ හැකි බව

(3) ක්‍රෝධ කරන්නා ක්‍රෝධ නොකිරීමෙන් ජයගත හැකි බව

(4) ඉවසීමේ සීමාවක් සහිත බව

(29) බුදුරජාණන් වහන්සේ විසින් ගිරිමානන්ද හිමියන්ට දේශනා කළ පරිදි රෝග වැළදීමට බලපාන හේතු ගණන

(1) 08 කි                                                                            (2) 12 කි

(3) 07 කි                                                                           (4) 16 කි

30.ආහාර ගත් පසු අන් අයගේ උදව්වක් නොමැති ව නැඟිටගන්නටවත් බැරිතරමට ආහාර ගන්නා, බෞද්ධ සාහිත්‍යයේ හඳුන්වා ඇත්තේ

(1) ආහාර භත්ථක නමිනි                                          (2) අලංසාටක නමිනි

(3) තත්ථාවට්ටක නමිනි                                            (4) භුත්තවම්තක නමිනි

31 ආහාර ගැනීමේදී භික්ෂූන් වහන්සේලා අනුගමනය කළ යුතු ආචාර ධර්ම හෙවත් සිරිත් විරිත් විනය පිටකයේ හඳුන්වා ඇත්තේ

(1) සේඛියා නමින් ය                                                   (2) පාරාජිකා නමින් ය

(3) සංඝාදිසේස නමින් ය                                         (4) ආපත්ති නමින් ය

32.පුස්තකාරූඪ සංගායනාව නමින් ශාසන ඉතිහාසයේ හඳුන්වන්නේ

(1) පළමු සංගායනාව යි                                           (2) දෙවන සංගායනාව යි

(3) තෙවන සංගායනාව යි                                      (4) සිව්වන සංගායනාව යි.

33. සූත්‍ර ,විනය,අභිධර්මය යන ත්‍රිපිටකයට විභාෂා නමින් අටුවා ග්‍රන්ථ රචනා වූයේ

(1) අලු විහාර සංගායනාවේ දී ය

(2) කණිෂ්ක ධර්ම සංගායනාවේ දී ය

(3) බුරුමයේ පැවති ඡට්ඨ සංගායනාවේ දී ය

(4) දෙවන ධර්ම සංගායනාවේදී ය

34.වර්තමානයෙහි දක්නට ඇති ථූපාරාම දාගැබ හා මහියංගණ දාගැබ ස්තූප ආකෘති

(1) බුබ්බුලාකාර හැඩයට නිදසුන් ය

(2) ඝණ්ඨාකාර හැඩයට නිදසුන් ය

(3) ධාන්‍යාකාර හැඩයට නිදසුන් ය

(4) ඝටාකාර හැඩයට නිදසුන් ය

35.මෙතෙක් හමුවී ඇති කලාත්මක බවින් උසස් ම බෝධිඝරය පිහිටා ඇත්තේ

(1) අනුරාධපුරයේ ය                                                       (2) නිල්ලක්ගමය

(3)මිහින්තලයේ ය                                                          (4) මැදිරිගිරියේ ය

36 අනුරපුර යුගයට අයත් චිත්‍ර වර්තමානයේ දැකිය හැකි ස්ථානයක් වන්නේ

(1) දිඹුලාගල විහාරයේ ය

(2) හිඳගල විහාරයේය

(3) මහියංගණ ස්තූපයේ ධාතුගර්භයේ ය

(4) කැලණි විහාරයේ ය

37.ගුරුළුගෝමී පඬිතුමා විසින් රචිත කෘතියක් වන්නේ මින්

(1) බුත්සරණ ය                                                                (2) පූජාවලිය ය

(3) අමාවතුර ය                                                               (4) සද්ධර්මරත්නාවලිය ය

38. සිංහල සාහිත්‍යයේ පැරැණිම කාව්‍ය ග්‍රන්ථයක් වන මුවදෙව්දාවත

(1) මහා කාව්‍යය කි                                                        (2) ගී කාව්‍යය කි

(3) ගද්‍ය කාව්‍යකි                                                            (4) උපදේශාත්මක කාව්‍ය කි

39.බෞද්ධ රාජ්‍ය පාලන ප්‍රතිපත්ති අතර සාකච්ඡා කරන ඡන්ද , දෝස, භය, මෝහ යන සතර

(1) සතර සංගහ්‍ර වස්තූන් වේ                                    (2) සතර බ්‍රහ්ම විහරණ වේ

(3) සතර අගතිය වේ                                                    (4) සතර සංවර සීලය වේ

40 සදිසා නමස්කාරයට අනුව ගුරුවරයා විසින් තම ශිෂ්‍යයාට ඉටුකළ යුතු යුතුකමක් නම්

(1) මැනවින් ඉගෙනීම ය

(2) අවශ්‍ය කටයුතු ඉටුකරදීම ය

(3) තම මිත්‍රයින්ට හඳුන්වා දීම ය

(4) පවින් වැළැක්වීම ය

****

පිළිතුරු පත්‍රය බුද්ධ ධර්මය 1 පත්‍රය

නිවැරැදි පිළිතුරු

1 -1

2 - 3

3- 3

4- 1

5- 2

6 - 1

7 -2

8 -1

9 -2

10- 4

11 -2

12 -4

13- 3

14 -1

15- 1

16 -1

17 -2

18 -4

19-4

20-1

21-3

22-3

23-3

24-2

25-3

26-1

27-3

28-3

29-1

30-1

31-1

32-4

33-2

34-2

35-2

36-2

37-3

38-2

39-3

40-3