Print this Article


ගලහිටියේ විජිත හිමියන්ගෙන් දඹදෙණිය රෝහලට වාට්ටුවක්

ගලහිටියේ විජිත හිමියන්ගෙන් දඹදෙණිය රෝහලට වාට්ටුවක්

පල්ලේගම ශ්‍රී ශාසනවර්ධනාරාමයේ පණ්ඩිත ගලහිටියේ විජිත හිමියන් තම විහාරස්ථානය හා ගම නගාසිටුවීමට මහත් වෙහෙසක් ගන්නා යතිවරයන් වහන්සේ නමක් වේ. උන්වහන්සේ පසුගිය දා තම ප්‍රදේශයට ද මතකයේ රැඳෙන මෙහෙවරක් සිදු කළහ. එනම් දඹදෙණිය මූලික රෝහලට සියලු පහසුකම් වලින් යුත් ඇඳන් තිහක් ( 30) තැබිය හැකි ගර්භනී වාට්ටුවක් ඉදි කිරීමය. මේ සඳහා සියලු වියදම් පෞද්ගලික වියදමින් කිරීමට තරම් උන්වහන්සේ නිර්ලෝභී වූහ. එම වාට්ටුවේ උපදින දරුවන් සඳහා උසස් අධ්‍යාපනය දක්වා ශිෂ්‍යාධාර අරමුදලක් ඇති කිරීම ද මහත් සෙතකි.