UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

රට දැය රකිමු

පින්වත පින්වතිය කවුරුත් එක්වීලා
රට දැය සසුන රකිනෙමු අපි දිරිදීලා
වැල්ලේ ඇන්ද ඉර මෙන් පව් අත ඇරලා
එකමුතුකම රකිමු සැමදෙන එකතු වෙලා

යුතුකම් පැහැර දරුවනි ඔබ ඉන්න එපා
සුවඳ නැතිකරල දුගඳ ය කියනු එපා
පේ‍්‍රත වේස ගෙන මළ කුණු කන්න එපා
සදහම පමණි වෙන කිසිවක් සිතනු එපා

වැස්සෙන් දෙයක් වේලන්නට සිතනු එපා
අව්වෙන් දෙයක් තෙත් කෙරුමට සිතනු එපා
බුදු බණ තුළින් ඔබ ඈතට යන්න එපා
සසරින් ගොඩයෑම වළකා ගන්න එපා

ධර්මාවබෝධයෙන් මා ලැබු කරුණු මත
කියවා හැදෙන්නට මේ කවි ලියල ඇත
මේ හැමදේ හොඳින් ඔලුවට ගන්න පුත
ඔබ හැම දෙනා හට ජයසෙත ලැබෙනු ඇත

 

 

 

 

****

නො පමාව

යා යුතු මඟ දුරයි සිතුවොත් දුරයි කියා
එසේ සිතන අය සැම විට වෙනවා පමා
අදට තිබෙන වැඩ කළ විට නො පිරි හෙලා
යාමට හැකි ය බුදු හිමි දෙසූ නිවන කරා

****

සම්බුදු ගුණ සුවඳ

රන් පැහැ ගැනුණු දම්සක් බුදු පිළිමෙ දැක
සිත සැනසුණා හදවත මගෙ නොවී සැක
දම්පල් නිරිඳු නො සිටින්නට නම් මෙ රැක
ගන්නට සමත් වූවෙකු නැත කිසි ලොවක

දඹරුක් සෙවණෙදී පෙරුමන් පිරූ සඳ
දඹදිව් තලයෙ සිට සිප ආ බුදු සුවඳ
අඹ තලයෙන් විසුරුවා හැරියේ නිබඳ
එම පින් බලෙන් සැම වැජඹේවා සබඳ

 

වප් අමාවක පෝය


වප් අමාවක පෝය නොවැම්බර් 06 වනදා අඟහරුවාදා අපරභාග 10.31 ට ලබයි. 7 වනදා බදාදා අපරභාග 09.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 07 වනදා බදාදා ය.

 

මීළඟ පෝය නොවැම්බර් 15 වනදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 07

First Quarterපුර අටවක

නොවැම්බර් 15

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 22

Second Quarterඅව අටවක

නොවැම්බර් 30


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]