Print this Article


කඨින පින්කම්

කඨින පින්කම්

මල්වතු මහා විහාරය

ඓතිහාසික, මල්වතු මහා විහාරය, පුරාණ පෝය මළු විහාරය යන ස්ථානයන්හි කඨින පින්කම්, මල්වතු මහා විහාරයීය, සංඝරාජ ගුණානුස්මරණ සමිතියේ අනුශාසක, මල්වතු මහා විහාරාධිවාස,ි කාරක සංඝ සභික සද්ධර්ම කීර්ති ශ්‍රී ධර්මරක්ෂිත කැටයාපතනේ ශ්‍රී පියදස්සි හිමියන්ගේ අනුශාසනා පරිදි සංඝරාජ ගුණානුස්මරණ සමිතිය හා සංඝරාජ කාන්තා සමිතිය රජයේ අනුග්‍රහයෙන් මෙම මස 10 සහ 11 දිනයන්හි 75 වෙනි වතාවටත් මල්වතු විහාරයේ දී පැවැත්වේ.

පූජනීය මහා සඟරුවන මල්වතු මහා විහාරය, පෝය මළු මහා විහාරයන්හි වස්එළඹ වැඩ සිටිති. තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මා හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ වස් වැසූ 42 නමක් මහා සංඝරත්නය සමඟ හැට නමකට සපිරිකර සංඝගත දක්ෂිණාවක් 11 වෙනි දින දවල් කඨින චීවර සහිතව පූජා කෙරේ. 10 වෙනි දින සවස 4.30 ට ශාස්ත්‍රවේදී පණ්ඩිත කහගල සුමනජෝති නා හිමියන් විසින් පවත්වනු ලබන ධර්ම දේශනාවකි. කඨින පින්කමේ දායකත්වය අම්පිටිය හිල්පැන්කදුර මාවතේ ඩබ්ලිව්. පණ්ඩිතරත්න. මහ නුවර බෝධියංගන මාවතේ දීප්ත අප්සර පේ‍්‍රමසිංහ යන මහත්වරු දරති.

11 වෙනි දින දවල් 12.30 ට කඨිණානිශංස ධර්ම දේශනාව සිදුකරමින් වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ඇතුළු සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය වෙනුවෙන් බුදුසසුන ආරක්ෂා කළ ගිහි පැවිදි උතුමන්ලා වෙත පින් අනුමෝදන් කෙරේ.

****

පුහුල්වැල්ල

කිරින්ද, පුහුල්වැල්ල අභිනවාරාමයේ කඨින පින්කම නොවැම්බර් 03 සහ 04 දෙදින තුළ පැවැති අතර, ඊට සමගාමීව අභිනවයෙන් ඉදි කර ඇති ධර්ම ශාලාවේ තැන්පත් කිරීම පිණිස කඩුවෙල පදිංචි දයානන්ද රත්නායක මහතාගේ ධන පරිත්‍යාගයෙන් තම මව්පියන්ට පින් පිණිස රන් ආලේපිත බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කරවීමේ පුණ්‍යෙීත්සවය උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

****

දෙගල්ලස්සේගෙදර ශ්‍රී සංඝබෝධි පරමානන්ද පුරාණ විහාරය

පොතුහැර මහපිටිය දෙගල්ලස්සේගෙදර ශ්‍රී සංඝබෝධි පරමානන්ද පුරාණ විහාරස්ථානයේ කඨින චීවර පූජා පින්කම නොවැම්බර් 05 සහ 06 දිනයන්හි ශාස්ත්‍රපති මාබෝපිටියේ විමලඤාණ හිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙර්.

පරලෝසැපත් හිටපු පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් අයි.බී. විමලවංසසූරිය මහතාට පින් අනුමෝදන් කිරීම පිණිස මෙවර කඨින පින්කමේ ප්‍රධාන දායකත්වය එම මහත්මිය අයි.එම්.එස්. මැණිකේ, එම පවුලේ දූ දරුවන් ඇතුළු මහපිටිය දායක පිරිස හා යටිහෙන හා දෙගල්ලස්සේ දායක දායිකාවන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ.

****

මහනුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලය

මහනුවර, ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ කඨින පින්කම මෙම මස 8 වනදා විද්‍යාලයාධිපති අස්ගිරිය මහා විහාර කාරක මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සභික ඓතිහාසික රංගිරි දඹුළු රාජ මහා විහාරාධිපති ආචාර්ය ගොඩගම මංගල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. එදින සවස ධර්ම දේශනාවකි. 8 වෙනිදා දවල් අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අති පූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන අනු නා හිමිවරු ප්‍රධාන මහා සංඝරත්නය විෂයෙහි පිරිනමනු ලබන කඨින චීවර සහිත සපිරිකර සංඝගත දක්ෂිණාවකි. අපවත් වී වදාළ අතිපූජ්‍ය පලීපාන ශ්‍රී චන්දානන්ද මාහිමිපාණන් වහන්සේ සහ අපවත්වී වදාළ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරි ශාස්ත්‍රවේදී පලීපාන සිරිනිවාස නාහිමිපාණන්ට පින් අනුමෝදන් කිරීම මෙම කඨින පින්කමට සමගාමිව සිදු කෙරේ.

****

ග්‍රෑන්ඩ්පාස් ශ්‍රී ඉසිපතනාරාමය

ග්‍රෑන්ඩ්පාස් ශ්‍රී ඉසිපතනාරාමයේ කඨින පින්කම මෙම 09 සහ 10 දින වලදී විහාරාධිපති ආචාර්ය මාදම්පාගම අස්සජි තිස්ස නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ. 09 වනදා සවස 7.00 ට රටටත්, ජනතාවටත් සෙත්පතා පවත්වන අටවිසි බුද්ධ පූජා පින්කම බණ්ඩාරවෙල ආනන්ද හිමියන් විසින් ද රාත්‍රී 9.00 ට සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවද ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ලේඛකාධිකාරි මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර අනුනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා කථානායක දේශබන්ධු කරු ජයසූරිය මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වේ. 10 වනදා අලුයම 4.00 කඨින චීවරය වැඩම කරවන මල් පෙරහර සහ දවල් 11.00 ට කඨින චීවර පූජාව සහිත සපිරිකර සංඝගත දක්ෂිණාව ,උදම්මිට අස්සජි තිස්ස අමරපුර අඹගහපිටි පාර්ශ්වයේ අනුනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

කඨින පින්කමේ ප්‍රධාන දායකත්වය බත්තරමුල්ල, දුටුගැමුණු පාරේ 9 වෙනි පටුමග අංක 447/ඕ පදිංචි ජයන්ත මංගල රාජපක්ෂ මහතා සහ ඉන්ද්‍රානි විජයකුලතිලක මහත්මිය ඇතුළු පිරිසගෙනි.

****

නයිවල

නයිවල ශ්‍රී ධම්මරතන බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින චීවර මහා පින්කම මෙම මස 9 සහ 10 වන දිනවල හිස්සැල්ලේ රතනසීහ හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ. මෙවර කඨින චීවර පින්කමෙහි ප්‍රධාන දායකත්වය නයිවල ගුරුගම විශ්‍රාමලත් පාඨශාලාචාරිනී පද්මිණි ජයකොඩි මහත්මිය ප්‍රධාන දරු පිරිස විසිනි. කඨින චීවරය හා පරිවාර පරිස්කාර සහිත පෙරහර උදෑසන 4.30 ට එම නිවසින් පිටත්වේ. උදෑසන කඨින චීවරය සඟ සතු කිරීම ද 10 වන දින සෙනසුරාදා දවල් 30 නමකට පමණ සංඝගත දක්ෂිණාවක් ද පැවැත්වේ.

****

මහනුවර උඩවත්ත කැලේ ශ්‍රී දළදා තපෝවනය

මහනුවර උඩවත්තකැලේ ශ්‍රී දළදා තපෝවනයේ කඨින පින්කම මෙම 17-18 දිනවල ශ්‍රී දළදා තපෝවනයේ මාතික මාතා සමිතිය ප්‍රධාන දායක පිරිසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. 17 සවස 6.00 ගිලන්පස පූජාව, රාත්‍රී 8.00 සර්ව රාත්‍රි පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීම ද 18 උදේ 8.00 කඨින චීවරය වැඩමවාගෙන ඒ උදේ 10.45 මහා සංඝරත්නය විෂයෙහි කඨින චීවරය සහිත සපිරිකර සංඝගත දක්ෂිණාව පිරිනැමීම ද දවල් 1.00 කඨිනානිසංස ධර්ම දේශනාව ද පැවැත්වේ.

****

කොහල්විල

කැලණිය කොහල්විල ගංගාරාමයේ කඨින පින්කම මෙම මස 10,11 සහ 12 තෙදින තුළ හොරවල ධම්මාරාම හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ. දළුගම, නුවර පාර, වාසිටි අධ්‍යාපන ආයතනයේ සහ හොටෙල් රෝයල් ග්‍රෑන්ඩ් පැරඩයිස් කළමණාකාර අධ්‍යක්ෂ සිංහ දේශබන්ධු ,පියතිස්ස රාජපක්ෂ මහතා, කමනී සුජීවා සේනාරත්න මහත්මිය සහ පවුලේ දූ දරුවන්ගේ ප්‍රධාන දායකත්වයෙන් හා සතර පේරුවේ දායක පින්වතුන්ගේ සහභාගිත්වයෙන් මෙම පින්කම් සිදු කරනු ලැබේ.

10 වන දින සවස 2.00 ට ගෝනවල, ගල්ඒදණ්ඩ හොටෙල් රෝයල් ග්‍රෑන්ඩ් පැරඩයිස්හි සිට කඨින චීවරය රැගත් පෙරහර පිටත් වී වීථි සංචාරය කිරීම සිදුවේ. 11 දින සර්වරාත්‍රික පිරිත් ධර්ම දේශනාව ද පසුදා උදෑසන කඨින චීවර පූජාව සහ සංඝගත දක්ෂිණාව ද පිරිනමා 12 දින රාත්‍රී 7.00 ට කඨිනානිශංස ධර්ම දේශනාව ද පැවැත්වේ.