Print this Article


ජාතික පනතින්... මානව හිතවාදී සමාජයකට දම්පල් චින්තනයෙන් . . .

ජාතික පනතින්... මානව හිතවාදී සමාජයකට දම්පල් චින්තනයෙන් . . .

* ආර්යය සිරිත් විරිත් ඔවුන්ට කියා දී පුහුණු කරවීමට උත්සාහ වඩනු

* පහත් තත්ත්වයේ සිට උසස් වූවන්ට අගෞරව කිරීම අත්හැර ගෞරව කිරීමට පුරුදු වෙනු

* කෙනෙකුගේ දොස් ඔහු නැති තැන නො කියනු

* එක අගුණයකින් අනූ නවයක් ගුණ යටපත් කර දැමීම නරක සිරිතක් බව සලකනු

* කිසිවෙකුගේ ප්‍රශංසාවක් හෝ අප්‍රශංසාවක් තමාගේ ව්‍යායාමයෙහි ප්‍රතිඵලය සේ නො සිතනු

* නින්දාවේදීත් , ප්‍රශංසාවේදීත් චංචල නො වෙනු

* තමාට ඇති විශිෂ්ට ශක්තිය නො කැලැල් චරිතය බව නිතර සිහි කරනු

* තමා තුළ නැති ගුණ අන්‍යයන්ට පුහුණු කරවන්නට උත්සාහ නො කරනු

* ආහාර ගැනීම, කටයුතුවල යෙදීම, නිදා ගැනීම, අවදිවීම හා ශරීර කෘත්‍යය ද නියමිත වේලාවට කරනු

* අද කිරීමට හැකි දෙය හෙටට කල් නො තබනු

* ආහාරය ගැන විශේෂයෙන් සැලකිලිවන්ත වෙනු

* බඩ බරවන තුරු යමක් ගිල දැමීම ආහාරය නොවන බවත්. ශරීරය යැපීමට ප්‍රමාණවත් පෝෂ්‍යදායී දෙයක් අනුභව කිරීම ආහාරය බවත් සිතනු

* තමා උපන් රටේ, උපන් පළාතේ උපදින ආහාර පාන තරම් කෙනෙකුගේ ශරීරයට පෝෂණය ගෙන දෙන අන්‍ය ආහාරයක් නැති බව සලකනු.

* ආගන්තුක සත්කාරය තමාට ඇති වන මහත් සම්පතක් සේ සිතනු

* තමාගේ ඉතාම ප්‍රයෝජනවත් දවස ගිලනුන්ට උපස්ථාන කරන්නට ලැබුණ දවස බව සිතනු