Print this Article


සම්බුදු ගුණමහිම : උතුම් සම්බුද්ධ පරිනිර්වාණය

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 47

උතුම් සම්බුද්ධ පරිනිර්වාණය

තථාගතයන් වහන්සේට බ්‍රහ්මස්වර 08 ක් තිබෙනවා.

විස්සට්ඨ – ඉතාමත් මට සිළුටුයි
මංජු – මිහිරියි
විඤ්ඤෙය්‍ය – අසන සැමට බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඉක්මණින් අවබෝධ කරගන්නට පුළුවන්
සවණිය – දෙසවනට ඉතා මිහිරි යි
අවිසාරිහි – ඒ වචනවල අවුල් වියවුල් නොවූ ස්වභාවයක් පවතිනවා.
බිංදු – වචනවල කැටි ගතිය, ව්‍යාකරණ ගතිය තියෙනවා.
ගම්භීර – ගාම්භීරයි

නින්නාද – කුරුලු කෙවිලියන්ගේ හඬ සේ මිහිරි යි. ඒ කියන්නේ කෝකිල පක්ෂියන්ගේ හඩසේ මිහිරියි යනුවෙන් මේ කියන බ්‍රහ්ම ස්වරයන්ගෙන් යුක්තවයි. තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ, ධර්මය බෙද බෙදා කියන්නේ, අවබෝධ කරගත් දේ දේශනා කරන්නේ. එතකොට ඔය කෝකිල පක්ෂියා ගැන කියන කොට සූත්‍ර අට්ඨ කතාවේ තියෙනවා බොහෝම හොඳ කතාවක්. අපි කවුරුත් දන්නවා. අසන්දි මිත්‍රා කියන ධර්මාශෝක රජ්ජුරුවන්ගේ අග බිසවගේ කතාව. මේ අසන්දි මිත්‍රාට ආශාවක් හිතෙනවා බුදුරදුන්ගේ හඬ හා සමාන හඬක් අහන්න ඕන කියලා. ඒ කාලේ වැඩ සිටි ලොකු ස්වාමින් වහන්සේලාගෙන් රජතුමා විමසුවා. ඒ බුදුපියාණන් වහන්සේගේ හඬට සමාන කරන්න පුළුවන් හඬක් තියෙන කෙනෙක් ඉන්නවා. ‘කෝකිල පක්ෂියා’ ‘කුරුලු කෙවිල්ල’ ‘කරවික භානි’ එයා ඉන්නේ කොහේද හිමාල වනාන්තරේ. මේ කෝකිල පක්ෂියා යට අත්තේ ඉඳලා නාද කරලා උඩ අත්තට ගිහින් තමන්ගේ හඬ රැව් පිළි රැව් දෙන හඬ ශ්‍රවණය කරනවා. ඒ වාගේ ම මුව පැටියෙක් වතුර බොමින් ඉන්නවා නම්, ඒ සතා නාද කරන වේලාවට ඒ වතුර බොන එක නවත්වලා නාදෙට ඇහුන්කම් දෙනවා. ගොදුරකට පනින සිංහයෙක් කොටියෙක් නම් ඒ හඬ ඇහෙනකොට එහෙම ම නතර වෙලා ඇහුම්කන් දෙනවා. ඔය විදියට පුදුමාකාර ආශ්චර්යමත් සතෙක්. ධර්මාශෝක රජ්ජුරුවන්ට මන්ත්‍ර බල වගේ දේවල් පුණ්‍ය බලයෙන් ලැබී තිබුණා. රත්රන් කූරෙන් සකස් කරගත්ත කූඩුවක් අධිෂ්ඨාන කරලා හිමාලයට යවනවා. අර කූඩුවට මේ කෝකිල පක්ෂියෙක් අහුවෙලා මේ කූඩුව නැවත රජ මාළිගාවට ගෙන්වා ගන්නවා. නමුත් මේ පක්ෂියා කෑගහන්නේ නෑ. තනිවෙච්ච නිසා. මොකද කරන්නේ වටේට කන්නාඩි තියනවා. අර කුරුල්ලා හිතනවා වටේට ඥාති පිරිස ඉන්නවා කියලා හිතලා නාද කරනවා. ඒ වේලාවේ අසන්දිමිත්‍රා හිතනවා මේ තිරිසන්ගත සත්වයාගේ කටහඬ මෙතරම් මිහිරි නම්. මෙතරම් සුන්දර නම්, අමා මී පිඬු සේ මී පැණි සේ දෙසවනට මිහිරි නම්, මට සිලුටු නම්, බුදුපියාණන් වහන්සේගේ නික්ලේෂි හදවතින් නැගෙන කරුණා මෛත්‍රියෙන් පිරිපුන් බුද්ධ වචනය මොන තරම් නම් මිහිරි ද? එසේ හිතන කොටම හිත සමාධි ගත වුණා. බුදු ගුණ ආවර්ජනා වුණා. බුදු ගුණ මනසිකාරයෙන් හිතේ සමාධියෙන් අසන්දි මිත්‍රා අග බිසව සෝවාන් මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා. අපි එහෙනම් තේරුම් ගන්නට ඕනේ. බුදුපියාණන් වහන්සේගේ ගුණ අපට කොහෙන් කොහෙන් ඇහුණත්. මොන විදිහට අනුගමනය කළත්, අපට ලැබෙන්නේ සැනසිල්ලක්. දුක් නිවීමක් මිස. දුක් ඇතිවීමක් නොවෙයි කියන එක.

සම්බුද්ධ පරිනිර්වාණය

දැන් මම දිරා ගිය කෙනෙක්. හරියට දිරාගිය දර කරත්තයක් හා සමානයි. ඉතින් දැන් නුඹලා අත් හැර යන්න කාලයයි කියමින් බුදුරජාණන් වහන්සේ මතක් කළා. උන්වහන්සේට වෙනදා වාගේ නෙමෙයි. ටික දුරක් යනකොට මහන්සියි, වයස්ගතයි. අපට ටික දුරක් යනකොට තිබෙන වේදනාව උන්වහන්සේටත් තේරුණා. අපට අසනීප හැදුනාම ඇති වේදනාව උන්වහන්සේටත් දැනුණා. ඒ වාගේ ම පිපාසය ඇතිවෙද්දි වතුර පොදක් ගේන්න කියද්දි, තපෝදා නදියේ වතුර බොර වෙලා. ඒ වේලාවේ බ්‍රාහ්මණයාගේ ගවයන් 500 දෙනෙක් මාරු වු නිසා නැවත නැවත කියනවා. ආනන්දයෙනි මට පිපාසයි වතුර ටිකක් ගෙනත් දෙන්ට. උන්වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයෙන් වතුර පිරිසුදු වෙලා වතුර ගෙනත් දුන්නා. පිරිනිවන් පාන්න යන ගමනේ තථාගතයන් වහන්සේ පිරිනිවන් මංචකයට ගිහිල්ලාත් අර වයස් ගත සුභද්‍ර කියන පරිබ්‍රාජකයාට පවා ධර්ම දේශනා කළා. දේශනා කළ ධර්මය බොහෝම වටිනවා.

“ඉධේව සමණෝ, ඉධ දුතියෝ සමණෝ
ඉධ තතියො සමණෝ ඉධ චතුත්ථෝ සමණෝ
සුඤ්ඤො පරප්පවාදා සමණේහි අඤ්ඥේහී”

මේ බුද්ධ ශාසනයේ පමණයි ප්‍රථම ශ්‍රමණයන් වහන්සේ, දෙවන ශ්‍රමණයන් වහන්සේ, තුන්වන ශ්‍රමණයන් වහන්සේ, හතරවන ශ්‍රමණයන් වහන්සේ පහළ වන්නේ. කවුද මේ? සෝවාන් , සකෘදාගාමී. අනාගාමී, අරිහත් යන උතුමන් වහන්සේලා පහළ වන්නේ මේ බුද්ධ ශාසනයේ පමණයි.

මේ බුද්ධ ශාසනයෙන් බැහැර ව යම්තාක් ආගම්, දර්ශන, දෘෂ්ඨි නොයෙක් දේ මේ ලෝකයේ තියෙන්න පුළුවන්. කිසිම තැනක මේ උතුමන් වහන්සේලා නෑ. මේ උතුමන් වහන්සේලාගෙන් ශූන්‍ය බවට හිස් බවට යනවා කියන වග දේශනා වෙනවා. එහෙනම් අපේ ශාසනයේ විතරයි මේ උතුම් ගුණ තියෙන්නේ. මේ ගුණ කිව්වේ කවුද? බුදුපියාණන් වහන්සේ,