Print this Article


සීදූවේ සුමනවංස නා හිමියන්ගේ පැවිදි දිවියට 48 වසරක් සපිරීම නිමිත්තෙන් පින්කම් මාලාවක්

සීදූව රද්දොළුව ශ්‍රී අමර මහා විහාරාධිපති පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී සීදූවේ සුමනවංස නා හිමියන්ගේ පැවිදි දිවියට වසර හතළිස් අටක් පිරීම නිමිත්තෙන් උපහාර උත්සවය සහ පින්කම් මාලාව ඔක්තෝබර් 31වනදා සීදූව රද්දොළුව ශ්‍රී අමර මහා විහාරාස්ථානයේ දී පැවැත්වේ.

එදින ප.ව 5.00ට විශේෂ ආශිර්වාද පහන් පූජා , අටවිසි බුද්ධ පූජා, බෝධි පූජා පින්කම හා උපහාර දැක්වීම ද ප.ව 6.00ට ධර්ම දේශනාව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී , ශාස්ත්‍රපති නැදගමුවේ විජයමෛත්‍රී නාහිමියන් ් විසින් ද පවත්වනු ලැබේ.