Print this Article


කවි දම් දෙසුමක්

කවි දම් දෙසුමක්

සසුනට කුලදරුවන් පිදීමත්, දරුවන් පැවිදිවීමත් ඉතා දුර්ලභ ව සිදුවන අවදියක කුඩා වියේ දී ම පැවිදි බව ලබා එදින ම දෙසූ යුගාසන කවි දම් දෙසුමක් පසුගිය 14 දා කටුවස්ගොඩ ශ්‍රී අරියනන්දාරාමයේ දී සිදුවුණි. විහාරාධිපති ශාස්ත්‍රපති මහගම සීලානන්ද හිමියන්ගේ ශිෂ්‍යවරයන් ලෙස රදාවෙල නව හැවිරිදි නදීස් සචින්ත කුමරුවා රදාවෙල නන්ද හිමි නමින් ද, දඹගොඩ දොළොස් හැවිරිදි තාරුක වසන්ත කුමාර කුමරුවා දඹගොඩ ආනන්ද හිමි නමින් ද මෙදින පැවිදි බව ලැබූ හ.

මාතර රදාවෙල එම්. චමිල ප්‍රසන්න මහතා සහ ආර්. නදීකා දිල්හානි ප්‍රනාන්දු මහත්මිය කඩුගන්නාව දඹගොඩ ගැමුණු වසන්ත කුමාර රණසිංහ මහතා සහ නිලන්තිකා රාජරත්න මහත්මිය පිළිවෙළින් මෙම සාමණේර දෙනමගේ මව්පියවරු වෙති. බලගල්ල සරස්වතී පිරිවෙනේ විශ්‍රාමලත් පරිවේනාධිපති රාජකීය පණ්ඩිත නාරාවල ධම්මදස්සි නා හිමි, එගොඩ නිට්ටඹුව විවේකාරාමාධිපති පණ්ඩිත කීනදෙනියේ මහානාම හිමි සහ වේයන්ගොඩ සඟබෝ විහාරාධිපති ශාස්ත්‍රවේදී මඩම්පැල්ලේ සෝමානන්ද හිමි මෙහි වතාවත් ඉටු කළහ.