Print this Article


කිරම පේමරතන නා හිමි 43 වන ගුණ සමරු පින්කම්

කිරම පේමරතන නා හිමි 43 වන ගුණ සමරු පින්කම්

බෙරලපනාතර විජයගම ශ්‍රී පේමරතනාරාමය, කිරම වල්ගම්මුල්ලේ සිරි දුමින්දාරාමය යන විහාරාධිපති ව වැඩ විසූ අපවත්වී වදාළ පණ්ඩිතාචාර්ය කිරම පේමරතනාභිධාන නා හිමියන්ගේ 43 වැනි ගුණ සමරුව නිමිත්තෙන් මෙම මස 31 වැනි දින වල්ගම්මුල්ල සිරි දුමින්දාරාමයේ දී සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා පසුදින දවල් අර්ධ ශතාධික මහා සංඝරත්නය විෂයයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමේ. චතුර්මහා විහාරාධිපති කිරම චන්දරතන නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් දුමින්දාරාමයේ අභිනවයෙන් ඉදිකරන ලද දෙමහල් සීමා මන්දිරය නොවැම්බර් 1 වැනි දින පෙරවරුවේ මහෝපාධා්‍යය ශාස්ත්‍රවේදී බෙලිගල්ලේ ජිනවංශාභිධාන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ. කිරම චන්දරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ දායක සභාවේ මෙහෙයවීමෙන් එම පුණ්‍යෙීත්සවය සංවිධානය කර ඇත.