Print this Article


සදහම් අරණ

ලේඛන කුසලතාව වඩාත් වර්ධනය කර ගැනීම සඳහාත්, දහම් දැනුම වර්ධනය සඳහාත්, ගුණධර්ම වැඩිදියුණු කර ගැනීම සඳහාත් සදහම් අරණ ළමා නිර්මාණ පිටුව ඔබ වෙනුවෙන් වෙන්කර ඇත. ඔබගේ ගද්‍ය, පද්‍ය, සිතුවම්, අදහස් පුර අටවක අමාවක, පුර පසළොස්වක, අව අටවක. බුදුසරණ පුවත්පත්හි පළ කරන්නෙමු.

****

පැන විසඳුම් ජයග්‍රාහිකාව

ප්‍රාණඝාතයෙන් වළකිමු

සෙල්ලම් සිතින් ව ත්
යම් කිසි තරහකින් ව ත්
මරණ සිතකින් ව ත්
සතුන් හට වද දීම නොහොබි ත්

ඉහත පද්‍ය පාඨයෙන් කියැවෙන්නේ සෙල්ලමටවත්, කිසියම් තරහකින්වත්, මරණ සිතකින්වත් සතුන්ට වද දීම නුසුදුසුය යන්න යි. නමුත් මෙම සමාජයේ සිදුවන සත්ත්ව ඝාතන හා සත්ත්ව හිංසා බොහෝම ය. සමහරු සතුන් විකිණීම සඳහා මරති. සමහරු ආහාර සඳහා සතුන් මරති. මිනිසුන් මෙම සත්ත්ව ඝාතනයෙන් සිදුවන්නා වූ පව පිළිබඳව නො දනිති. පණ නැසීමෙන් සතර අපායෙහි අපමණ දුක් කරදර විඳීමට සිදුවේ.

තමන්ගේ ජීවිතයට තමන් කරදරයක් වෙනවාට අකැමැති අතර, පණ ඇති සියලුම දෙනා ද තමාට හා තම ජීවිතයට හිංසාවක්, පීඩාවක් වෙනවාට අකැමැති ය. එමනිසා අපි තමාට මෙලෙස දෙයක් වුවහොත් සිදුවන දුක පිළිබඳව සිතා පර පණ නැසීමෙන් වැළකිය යුතු වන්නෙමු.

එමෙන්ම අද මෙම සමාජයේ සමහර පිරිස් තමාගේ පවුලේ සාමාජිකයන්ට පවා වඳහිංසා කරති.මෙම ක්‍රියා පටිපාටි හේතුවෙන් සමාජය ඉතා කුරිරු බවට පත් වී ඇත. පොදුවේ සියලු දෙනා මෙම සිල් පදය ආරක්ෂා කළහොත්, බිය සැක නො මැතිව සාමකාමී සමාජයක කොටස්කරුවන් වීමට හැකියාව ලැබෙනු ඇත.

****

ඇතුගල්පුර බුදුරුව

හිරු රැස් පතිත වී කන්දක් හිනැහෙන්නේ
කඳු මුදුනේ බුදුහිමි පිළිරුව වැඩ ඉන්නේ
කඳු පාමුල නිල්වන් වැව ගලන්නේ
හස්තිශෛල පුරවරය ම එළියයිනේ

පෝය දාට සාදු සාදු නද පැතිරෙන්නේ
කුරුණෑගල කඳු සිරසේ වැඩ ඉන්නේ
බුදු හිමියනි ශාන්තියයි පැතිරෙන්නේ
අමා දහර කඳු මුදුනෙන් ගලන්නේ

****

නිර්වාණය

බෞද්ධයාගේ පරම සුවය නිවන ය. බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවේ සත්ත්වයන්ට සසර දුකින් මිදෙන මග පෙන්වා දීමට ය. වරක් බුදුරදුන් වදාළේ නැවත නැවත සසර ඉපදෙමින් මැරෙමින් ගමන් කරන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධකර නො ගැනීම නිසා යි.’ යනුවෙනි. එබැවින් සසරෙන් මිදීමට අනිවාර්යයෙන් ම දුකත්, දුක් ඇතිවීමට හේතුවත්, දුක නිවීමත්, දුක නිවෙන මගත් දැන ගත යුතු ය. චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට නම්, නුවණ දියුණු කරගත යුතු ය. නුවණ දියුණු කර ගත හැක්කේ පව්වලින් ඈත් වී කුසල ධර්ම වැඩීමෙනි.

දුක නැති කිරීමට නම් අප සිත් තුළ හට ගන්නා ආශාව ද නැති කළ යුතු ය. එසේම තෘෂ්ණාව ප්‍රහාණය කිරීම ක්‍රම තුනකින් සිදුවන අතර මේවා නැති කිරීම තුළින් නැවත පුනර්භවයක් ඇති නොවී කෙලෙස් නුපදීමට උපකාරී වේ. මේ තුළින් අප සැම දෙනාට ම අමා මහ නිවනින් එතෙර විය හැකි ය.

****

ශ්‍රී මහා බෝධින් වහන්සේ

ක්‍රි.පූ. 3 වන සියවසේ දී දඹදිව ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් සංඝමිත්තා මහරහත් තෙරණිය විසින් මෙරටට වැඩම කරවනු ලැබී ය. ඒ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවයි.

මේ නිසා එ කල ජනයා අතර තිබූ වෘක්ෂ වන්දනාව වැනි මිත්‍යා මත ද දුරු විය. ශ්‍රී ලාංකීකයන්ට නව ආගමික ප්‍රබෝධයක් උදා විය. ජය ශ්‍රී මහ බෝධිය රෝපණය කළේ අනුරාධපුර මහමෙව්නා උයනේ ය. ලොව වැඩිම පැරැණි ඉතිහාසයක් ඇති ශාඛාවක් ලෙස ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හැඳින්විය හැකි ය.

****

මවුනි පියානෙණි

හොවා දස මසක් අදරින්
දෙවා ගුණ නැණ යහපත්
ඇති දැඩි කළා මා සෙනෙහස පිරුණු සිතින්
නමඳිමි ඔබේ පායුග මා ආදරයෙන්

****

කරුණා ගුණය

අපේ ජාතික කොඩියෙන් සතර බ්‍රහ්ම විහරණය පෙන්නුම් කරයි. ඉන් එකක් නම් කරුණාවය, අප සෑම මිනිසෙකුට මෙන්ම සත්ත්වයෙකුට කරුණාව දක්වන්න ඕනෑ. බුදුරදුන් මිනිසාට හා සතුන්ට කරුණාව දැක්වූ වාර අනන්ත යි. ඉන් එකක් නම් මරණාසන්නව සිටි මට්ටකුණ්ඩලීට කරුණාව දැක්වූ අවස්ථාවයි. වියෝ දුකින් උමතු වූ පටාචාරා ද, අසරණ වූ සෝපාක, චුල්ලපන්ථක හිමි, නන්ද හාමුදුරුවෝ ආදී බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේගේ කරුණාවේ ගුණයෙන් පිහිට ලැබූ අයයි. කරුණාව යනු අනුන්ගේ දුකෙහි දී තම හද කම්පා වීමයි. බුදුරජාණන් වහන්සේ සිය ශ්‍රාවකයින්ට පැවිදි බව ලබා දුන්හ. ඒ ඔවුන්ට සසරින් එතෙර වීම සඳහා ය. ශ්‍රාවක භික්ෂූන් වෙත විනය නීති පනවන ලද්දේ කරුණාව නිසා ය. එය මහා කරුණාවේ මහිමයයි.

****

ශ්‍රී පාදස්ථානය

****

බුදුරජාණන් වහන්සේ

****

බුදුසරණ සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකයෝ

407. ඒ.කේ. දුලංජය ලක්රුවන්
10 ශ්‍රේණිය
සිරි උපරතන දහම් පාසල, වලගෙදර

408. කේ. සතිෂ් අභිසෙන් පීරිස්
06 ශ්‍රේණිය
සිරිනන්ද රිවිදින දහම් පාසල, පානදුර

409. එම්.එම්. සංක සුරාජ් නිරෝෂණ
5 ශ්‍රේණිය
ර/ ශ්‍රී සුමන විදුහල

410. පී.එම්. වින්ද්‍යා මධුභාෂිණි මිත්‍රරත්න
9 ශ්‍රේණිය
යූ.බී. වන්නිනායක නවෝද්‍ය පාසල, බලල්ල

411. කේ.ඕ. ලක්ෂිකා නිර්මාණි
9 ශ්‍රේණිය
සිරිවිමල දහම් පාසල, පානදුර