Print this Article


සුපසන් ජීවිතය දොරට වඩී

සුපසන් ජීවිතය දොරට වඩී

බුදුසරණ පුවත්පතේ මාධ්‍යවේදිනී දීපා පෙරේරා විසින් බුදුසරණ පුවත්පතට ලියූ “සුපසන් ජීවිතය” නම් වූ ලිපි එකතුවෙහි පළමු කොටස “සුපසන් ජීවිතය” ග්‍රන්ථයක් ලෙසින් එළි දැක්විණි.

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ අධිකරණ සංඝ නායක ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමියන් සමඟ සාකච්ඡා කර එම ලිපි මාලාව සම්පාදනය විය.

මෙම ධර්ම ග්‍රන්ථය පසුගියදා බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි දී ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමියන් වෙත ග්‍රන්ථයේ සම්පාදිකා දීපා පෙරේරා මහත්මිය විසින් පිළිගැන්වූ අතර, මෙම උත්සවයට බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය කන්දේගම දීපවංසාලංකාර හිමියන් ඇතුළු පැවිදි, ගිහි පිරිස් විශාල පිරිසක් සහභාගි වූහ.