Print this Article


පිහිට පතයි

පිහිට පතයි

ගාල්ලේ හපුගල පදිංචි රත්නා ගුරුසිංහ ඇයට අවුරුදු 20 ක් වන විට ඇස් පෙනීම අඩු වී ගිය අතර, වම් ඇස තෙවරක් බද්ධ කළ ද අසාර්ථක වූ බව කියයි. අවුරුදු 20 පමණ කාලයක් සියලු වැඩ කටයුතු කර ගන්නේ දකුණු ඇසින් බවද එයද දැන් පෙනීම අඩු වී ඇති අතර ඇස් දෙකම නොපෙනෙන බව දැනට මව්පියන් සහ වැඩිමහල් සොයුරු සොයුරියන් තුන් දෙනෙක්ම ජීවතුන් අතර නැති බවද ඇය ගාල්ලේ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ උස්ස පෙළ දක්වා ඉගෙනුම ලැබූ අයෙක් බව, දැනට ජීවත්ව සිටින්නේ කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටින ඇයගේ සොහොයුරිය ළඟ බවත් කියයි. ඇයටද උදව් උපකාර කිරීම අපහසු හෙයින් ජීවත්ව සිටීමට ස්ථිර නිවසක්ද නොමැති බවත් කියයි. දානපති උතුමන් සිටීනම් මුදලින් උපකාර කරන මෙන් ඉල්ලීමක් කෙරේ. ගිණුම් අංකය – 511-30120409-2 ජාතික තිරිකිරීමේ බැංකුව තැපැල් අංශය දුරකථන අංකය – 0766818524

****

බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති අතර එම වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙකු වෙතොත් 0764658696 දුරකතන අංකය වෙත අමතන්නැයි ඉල්ලීමක් කෙරේ.

****

වාද්දූව, ගාලුපාර, උතුරු තල්පිටිය 199/ඒ පදිංචි සමුද්‍රා අලහකෝන් මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් “ඒ පොසිටිව්” හෝ “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍යව ඇති බව කියයි. 35 වියැති එක් දරු මවක් වන බව කියයි. ඇයට වකුගඩුවක් ලබාදිය හැකි අයෙකු වෙතොත් 076 920 52 50 යන දුරකථන අංකයට අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.

****

අංක 574/1,එඬේරමුල්ල, වත්තල ලිපිනයේ පදිංචි ඇග්නස් ආරියරත්න මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඒ පොසිටිව් හෝ ඒ නෙගටිව් හෝ ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට මාලිගාවත්ත රෝහලේ විශේෂඥ වෛද්‍ය අනුර පි‍්‍රයන්ත හේවාගීගන මහතා නිර්දේශ කර ඇති බව කියයි. ඇයගේ ජීවිතය බේරා ගැනීමට එම වර්ගයේ වකුගඩුවක් ලබා දීමට හැකි අයකු සිටී නම් පහත දුරකතන අංක අමතන ලෙස ඉල්ලිමක් කෙරේ. දුරකථන අංක :– 0767430333 (සුනිල් මහතා) 0112982447 ( රංජනී මහත්මිය)